ගෝඨාභය අගමැති කරන්න පොහොට්ටුවේ කැමැත්ත

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට සුදානම් නම් ඊට අකමැත්තක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී සඳහන් කළහ. එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මධුර විතානගේ සහ ප්‍රදීප් උදුගොඩ මහත්වරුන් එම මාධ්‍ය හමුවේ අදහස් පළ කරන ලදී. ගෝඨාභය රාජපක්ෂ මහතාට 69 ලක්‍ෂයක ජනතාවක් ඡන්දය ලබා දීම ජනාධිපති ධුරයට පත්කරන ලද අයෙක් …

Continue Reading

ඩීසල් හිඟ වීම නිසා අද පෞද්ගලික බස් ධාවනය අඩකින් අඩුවෙයි

අද (26) දිනයේ පෞද්ගලික බස් ධාවනය අඩකින් අඩු කිරීමට සිදුවන බව ලංකා ‍පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. දින කිහිපයක සිට ඩීසල් නිසි පරිදි නොලැබීම ‍හේතුවෙන් මෙලෙස බස් ධාවනය අඩුවී ඇති බවයි එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ. මේ සඳහා රජයෙන් කඩිනම් පිළිතුරක් බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Continue Reading

නොරොච්චෝලේ පළමු ජනන යන්ත්‍රය සඳුදා සිට යළි ජාතික පද්ධතියට

අක්‍රියව පැවැති නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය ලබන සඳුදා (29) වන විට ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමට හැකි වනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව එහි නඩත්තු කටයුතු සඳුදා දිනය වන විට අවසන් කිරීමට හැකි වනු ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනී සඳහන් කළේ. පසුගිය 15 වනදා නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය හදිසි බිඳවැටීමකට ලක්වූ …

Continue Reading

ත්‍රස්ත පනත අවභාවිතා කර සිවිල් ක්‍රීයාකාරකයන් මර්ධනය ඛේදනීය තත්ත්වයක්

ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාවගේ මුළික අයිතීන් ගරු කරන හා ශිෂ්ට සමාජයේ දැඩි විරෝධයට ලක්ව තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතා කරමින් දේශපාලන හා සිවිල් ක්‍රීයාකාරකයන් මර්ධනය කිරිම අතීශයෙන්ම ඛේදනීය තත්ත්වයක් බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. එය මුළු මහත් සමාජයම එක හඩින් යුතුව පිටුදැකිය යුතුව ඇති බවත් ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එහි තවදුරටත් …

Continue Reading

අරගලය මර්ධනය කරන අය සමග සම්බන්ධ වෙන්නේ නෑ

කුමන තනතුරු දුන්නත් පොදුජන අරගලය මර්දනය කරන ආණ්ඩුවට සම්බන්ධ නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී පැවසීය. සියලු වාද භේද අමතක කොට, මත වාද මොහොතකට පසෙකින් තබා රාජ්‍ය ප්‍රචණ්ඩත්වය පරාජය කිරීමට එකතු වන්නැයි සියලු බලවේගවලට ආරාධනා කරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගනිමින් ආණ්ඩුව රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටින බවත් “මර්දනයට එරෙහි ජන …

Continue Reading

කිසිදු කාර්යයක් නැති රාජ්‍ය සේවකයින් ප්‍රමාණය ලක්ෂයකට වැඩියි – රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්

කිසිදු කාර්යභාරයක් නොමැති සේවකයින් ලක්ෂයකට අධික පිරිසක් රාජ්‍ය සේවය තුළ සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ පවසනවා. මේ වන විට රාජ්‍ය සේවයේ ලක්ෂ 16 කට ආසන්න පිරිසක් සේවය කරන බවත් රාජ්‍ය සේවයේ තුනෙන් එකක පිරිසක් කම්කරු, රියදුරු සහ කාර්යාල කාර්ය සහ සේවකයින් බවයි ඔහු පෙන්වා දෙන්නේ. නිශ්චිත තනතුරක් නොමැතිව බඳවාගත් පිරිසක් රාජ්‍ය සේවය තුළ සිටින බවත් දැනට සිටින …

Continue Reading

සංශෝධිත අයවැය 30 වනදා පාර්ලිමේන්තුවට

සංශෝධිත අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අගෝස්තු මස 30 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එදින පස්වරු 1.00 පාර්ලිමේන්තුව රැස්වෙන අතර අයවැය කථාව පස්වරු 2.00 ක දක්වා පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය සඳහන් කළේ. සැප්තැම්බර් මස 1 හා 2 යන දිනවල අයවැය විවාදය උදෑසන 9.30 සිට 5.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Continue Reading

අපේ ජනබල පක්ෂයේ නායකයා අත්අඩංගුවට

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය ජුනි 05 වනදා කුඩාවැල්ල ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකුට රැකවරණය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Continue Reading

අදානි සමාගම NDTV බහුතර කොටස් ප්‍රමාණයක් මිලදී ගනී

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානී විසින් ඉන්දියාවේ ප්‍රධාන රූපවාහිනී ආයතනයක් වන NDTV ආයතනයේ බහුතර කොටස් ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. එම කොටස් ගණුදෙනුවෙන් පසුව එම රූපවාහිනි ආයතනයේ මුල් හිමිකරුවන් සඳහන් කර ඇත්තේ, තම එකඟතාවයකින් තොරව අදානි සමාගම එම කොටස් මිලදී ගෙන ඇති බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් අදානී සමාගම සඳහන් කරන්නේ, තමන් සතු මූල්‍යමය හිමිකම …

Continue Reading

අටවාගත් පාලනය පවත්වාගෙන යන එක තමයි මෙයාලගේ බලාපොරොත්තුව – විමල්

සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ සර්ව පාක්ෂික පාලනයක් ඇති වීමේ ඉඩකඩ මේ වන විට අවම මට්ටමක පවතින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා. ස්වාධීන පක්ෂ 09 ඊයේ (23) පස්වරුවේ කොළඹදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. රටේ ඇති දේශපාලන පක්ෂවලට සහ ජනාධිපතිවරයාටද පවතින තත්ත්වය දෙස බලා රට ගොඩ ගැනීමට කැපවීමක් කිරීමට කිසිඳු උවමනාවක් දක්නට …

Continue Reading