කිසිදු කාර්යයක් නැති රාජ්‍ය සේවකයින් ප්‍රමාණය ලක්ෂයකට වැඩියි – රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්

Spread the love

කිසිදු කාර්යභාරයක් නොමැති සේවකයින් ලක්ෂයකට අධික පිරිසක් රාජ්‍ය සේවය තුළ සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ පවසනවා.

මේ වන විට රාජ්‍ය සේවයේ ලක්ෂ 16 කට ආසන්න පිරිසක් සේවය කරන බවත් රාජ්‍ය සේවයේ තුනෙන් එකක පිරිසක් කම්කරු, රියදුරු සහ කාර්යාල කාර්ය සහ සේවකයින් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

නිශ්චිත තනතුරක් නොමැතිව බඳවාගත් පිරිසක් රාජ්‍ය සේවය තුළ සිටින බවත් දැනට සිටින රාජ්‍ය සේවකයින් අතුරින් තුනෙන් එකක පිරිසක් නොමැති වුවද රාජ්‍ය සේවය පවත්වාගෙන යා හැකි බවයි පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ වැඩිදුරටත් සඳහන් කළේ.

RSL

Related Posts