21 වැනි සියවසේ විශිෂ්ඨතම පන්දු යවන්නා මුරලිදරන් – පිතිකරු සචින්
21වැනි ශත වර්ෂයේ විශිෂ්ටතම පන්දු යවන්නා ලෙස ලොව වැඩිම ටෙස්ට් කඩුළු ලාභියා වන මුත්තයියා මුරලිදරන් සහ විශිෂ්ඨතම පිතිකරුවා ලෙස සචින් තෙන්ඩුර්කාර්ව නම්කර තිබෙනවා. ලොව ප්‍රමුඛ රූපවාහිනී ආයතනයක් වන ස්ටාර් ස්පෝට්ස් විකාශන සමාගම විසින් සංවිධානය කරන ලද 50කගෙන් යුත් ජූරි සභාවක් විසින් මෙම නම් කිරීම කර තිබෙනවා. එම ජූරි සභාවට ක්‍රිකට් පිටියේ ශ්‍රේෂ්ටයකු වූ සුනිල් ගවස්කාර් ඇතුලු ප්‍රවීණයින් පිරිසක් ඇතුලත් වූහ.
Continue Reading
හෙට දිවුරුම් දෙන ‘රනිල්ට‘ විපක්ෂයේ ඉදිරිපෙළ අසුනක් වෙන් වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිත එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පැත්තේ 13 වන ඉදිරිපස අසුන ලබා දී ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතා හෙට (23) උදෑසන කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය
Continue Reading
සෑම දරුවෙක්ම අනිවාර්යයෙන්ම කියවිය යුතු ‘ලෝකයේ අපූරුම‘ ළමා පොත් 12 මෙන්න !
මගේ ළමා කාලයේ පොතක් කියවීමකින් තොරව ගිය දවසක් මට මතක නැත. මගේ දෙමව්පියන් ද බොහෝ ආසාවෙන්, නිතරම පොත් කියවන අය වුණා. මගේ පාසල් ගුරුවරු මට කියා දුන් දෙයක් තමයි ‘ඔබට කියවීමට අවශ්‍ය නම් ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට කියවන්න. ඊට කාලයක් හෝ ස්ථානයක් අදාළම නැහැ‘‘ යන්නයි. මට අවශ්‍ය වන්නේ මගේ පොත මගේ බෑගයෙන් ඉවතට ගැනීම පමණයි. පසුබිම් ශබ්ද මට කරදරයක් වෙන්නෙම …
Continue Reading
ජපානයේ යෝධ බෞද්ධ ප්‍රතිමාවකට කොවිඩ් මුව ආවරණයක්
ජපානයේ ෆුකුෂිමා ආසන්නයේ බෞද්ධ විහාරස්ථානයක පිහිටි අඩි 187ක් උසැති යෝධ ප්‍රතිමාවකට කොවිඩ් මුව ආවරණයක් පැළඳවා තිබෙනවා. මෙම ප්‍රතිමාව මහායාන බෞද්ධ දර්ශනයට අනුව ‘දයාවේ දෙවඟන‘ ලෙස සැලකෙන ‘කැනොන්’ වෙනුවෙනුයි ඉදිකර තිබෙන්නේ. ‘‘කොවිඩ්-19 වසංගතය පාලනය වෙන තෙක් මුව ආවරණය ප්‍රතිමාව මතම තැබීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ‘ එම කටයුත්ත සංවිධානය කළ අයෙක් ජපන් මාධ්‍ය වෙත පැවසුවා. පසුගිය කාලයේ ඉන්දියාව ඇතුළු රටවල් රැසක දැවැන්ත දේව …
Continue Reading
Covid-19 මරණ 71ක්
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (21) දින කොවිඩ්-19 ආසාදිත මරණ 71ක් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (22) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මිය ගිය අය අතර කාන්තාවන් 38 දෙනකු සහ පිරිමින් 33 දෙනකු වන අතර ඔවුන්ගෙන් 57 දෙනකුම වයස අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින්ය. ඒ අතර කාන්තාවන් 32ක් සහ පිරිමින් 25 දෙනකු සිටී.
Continue Reading
ශ්‍රී ලංකන් සහ ශ්‍රී ලංකා ඉන්ෂූරන්ස් ‘කෝප් කමිටුව‘ හමුවට
ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක් කඩිනමින් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කළ බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය. මෙම තීරණය ගනු ලැබුවේ අද (22) පාර්ලිමේන්තුවේදී පැවති කෝප් කමිටුවේ සමාජිකයන්ගේ විශේෂ රැස්වීමේදීය. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ කෝප් කමිවුවේ රැස්වීම් සැලසුම් කළ පරිදි පැවැත්වීමට නොහැකිවීම …
Continue Reading
විදේශ ඇමැති දිනේෂ් ඉන්දිය විදේශ ඇමැති සමග හදිසි දුරකථන සංවාදයක
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සබදතා ඉහළ නංවා ගැනීමට මේ දක්වා දෙරට අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග ඵලදායි වී ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉන්දිය විදේශ අමාත්‍යවරයා සමඟ (ඊයේ) (21) පැවැති දුරකථන සංවාදයක දී සඳහන් කළේය. ඉන්දියාව මෙරටට ලබා දී ඇති මූල්‍ය ආධාර හා කොවිඩ් මර්ධන සහනාධාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කෘතඥතාව පිරිනමන බවද ගුණවර්ධන මහතා ඉන්දිය විදේශ අමාත්‍යවරයාට දන්වා …
Continue Reading
දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවල ‘අද’ එළවළු තොග හා සිල්ලර මිල දර්ශකය
ආර්ථික මධ්‍යස්ථානවල තොග සහ සිල්ලරට අලෙවි වන එළවළු වල දෛනික මිල ගණන් මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කිරීමට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය අද (22) දින සිට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දඹුල්ල, නාරාහේන්පිට ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන 11ක එළවළුවල තොග සහ සිල්ලර මිල ගණන් ප්‍රකාශයට පත් වීම සිදුවෙනවා. ආර්ථික මධ්‍යස්ථානවල එළවළු වල තොග සහ සිල්ලර මිල ගණන් පහත පළ වෙනවා.
Continue Reading
රු. කෝටි 100,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුව සදහා මුදල් කාරක සභාවේ අනුමැතිය
දේශීය භාණ්ඩාර බිල්පත් ආඥා පනත යටතේ ගරු මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිත රු බිලියන 1000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සදහා වන යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ඊයේ (21) හිමිවිය. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර පවතින කොවිඩ් 19 තත්ත්වය හමුවේ සෞඛ්‍ය රෙගුලාසිවලට අනුගත …
Continue Reading
‘ඩෙල්ටා ආවේ කොහෙන්ද‘ කියලා අපි දන්නෑ – නි.සෞ.සේ.අ.ජ වෛද්‍ය හේමන්ත හේරත්
කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශවලින් හමුවූ කොරෝනා වයිරස් ඩෙල්ටා ප්‍රභේදය (coronavirus Delta variant) ව්‍යාප්ත වූ ආකාරයට සහ එහි පැතිරීම හදුනා ගැනීම සදහා අඛණ්ඩව PCR සහ ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකරන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. ඔහු පැවසුවේ ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වූයේ කෙසේද යන්න සෞඛ්‍ය බලධාරීන්ට තවමත් පැහැදිලි නැති බවයි. මෙම ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වීමට පෙර …
Continue Reading