එජාපයේ දැවැන්ත බලාපොරොත්තු සුනු විසුණු කරමින් දුමින්දත් ගෝඨාගේ සහයට එක්වෙති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන තීරණය ගත්තද ශ්‍රීලනිපයේ හිටපු ලේකම් දුමින්ද දිසානායක අප සමඟ සිටිනවායැ’යි තරයේ විශ්වාස කළ එක්සත් ජාතික පක්ෂයේ බලාපොරොත්තු බිඳදමමින් දුමින්ද දිසානායක අද(09) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දීමට එක්විය. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ නිවස වෙත අද (09) පෙරවරුවේ …

Continue Reading

පොහොට්ටුව මොන අපේක්ෂකයා දැම්මත් ඒ අපේක්ෂකයාගේ ජය පරාජය තියෙන්නේ අපේ අතේ

පොහොට්ටුව පැත්තේ ඡන්ද ලක්ෂ 50 ක් තිබුණට, ඡන්ද ලක්ෂ 65 ක් නැතිව ජනාධිපතිවරයෙක් හදන්න බෑ. අපි පොහොට්ටුවට ගියා කියලා අපි නිකම්ම පොහොට්ටුවට දිය වුණොත් අපිත් එක්ක ඉන්න ශ්‍රී ලංකාකාරයොන්ට මොකද වෙන්නේ. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවට දිය කරන්න සූදානමක් නැති බව දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ අනුරාධපුරල තලාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කෝන්ගොල්ලෑව ගම්මානයේ …

Continue Reading

ජනපති මෛත්‍රී යළි ජනපති කිරීමෙන් මෙහා කිසිඳු අපේක්ෂකයෙක් නැහැ – දුමින්දත් කෙළින්ම කියයි(වීඩියෝ)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යළි ජනාධිපති කිරීමෙන් මෙහා කිසිඳු ඉලක්කයක් අපට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයා විය යුත්තේ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය. කිසියම් හෝ …

Continue Reading

මහින්ද පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තායැ’යි කියන්න ඇයි දැන් ඇඹරෙන්නේ

මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම රටම දුටු බවත් එය සැගවිය හැකි දෙයක් නොවන බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක පවසයි. එදා ප‍්‍රසිද්ධියේ ආඩම්බරයෙන් කල දේ ගැන අද ඒ ඔවුනගෙන් මාධ්‍ය විමසද්දී දැඩි අපහසුතාවයට පත්වනු දැකිය හැකි බවද මන්ත‍්‍රීවරයා කියා සිටී. කෙසේ හෝ ඔවුන් නැවතත් ශ‍්‍රීලනිපයේ හා සන්ධානයේ සාමාජිකයන් යයි ප‍්‍රසිද්ධියේ කියන්නට වීම ගැන සතුටට …

Continue Reading

අමරවීර සහ දුමින්ද පිම්මකට සැරසෙයි..!

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දුමින්ද දිසානායක ශ්‍රීලනිප-එජාප දීගය කඩවීමෙන් පසු පෙර කාලයක් සිට පැවති දේශපාලන සහ වාසිදායක ආර්ථික ගනුදෙනුමත (ඩීල් මත ) එක්සත් ජාතික පක්ෂ-දෙමළ සන්ධාන ආණ්ඩුවට පැනීමේ සූදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. දුමින්ද දිසානායක එක්සත් ජාතික පක්ෂය සමඟ බොහෝ කලක සිට විවිධ කුප්‍රකට ගනුදෙනු සමඟින් සමීපව …

Continue Reading

ශ්‍රීලනිප මන්ත්‍රීවරු කුප්‍රකට මහලේකම් දුමින්දගේ රෙදි ගලවයි (Video)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවා දෙමින් එක්සත් ජාතික පක්ෂයේ කුප්‍රකට ඩීල්කරුවකු ලෙස දේශපාලනය තුල නම් දරා සිටින වත්මන් ශ්‍රීලනිපයේ මහ ලේකම්වරයා ලෙස රැඳී සිටින දුමින්ද දිසානායක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම මන්ත්‍රීවරුන් දැඩි ප්‍රහාරයක් අද(17) මාධ්‍ය හමුවේ සිදුකළේය. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකු වන ඩිලාන් පෙරේරා මහතා දුමින්ද දිසානායක යනු මහලේකම් නොව මහකේලාම් වරයා ලෙස හැඳින්වීමද විශේෂිතය. දවසකට ඇතුලට …

Continue Reading

සබීතාට ගෙවන ගෙවිල්ල ඇමති දුමින්දට යළි පත්තුවෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා සබීතා පෙරේරා මහත්මියගේ ගොඩනැඟිල්ලට ගෙවන මාස දෙකක කුලිය රටේ විශාලතම බෞද්ධ පුස්‌තකාලයක්‌ සෑදීමට මෙවර අයවැයෙන් වෙන්කළ මුදලට සමාන බව ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්‌ස මහතා ඊයේ (14) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. කුලී ගෙව්වද මෙතෙක්‌ කාර්යාල කටයුතු පවත්වාගෙන නොයන රාජගිරියේ පිහිටි මෙම ගොඩනැඟිල්ලට දවස්‌ දොළහකට ගෙවන කුලිය කලාකරුවන්ට රක්‌ෂණ ආවරණයක්‌ ලබාදීමට වෙන්කළ මුදලට සමාන බව ද මන්ත්‍රීවරයා කීවේය. තවද …

Continue Reading

කෘෂිකර්ම ගොඩනැඟිල්ලට කෝටි 600ක් වතුරේ

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා වසරකට රුපියල් කෝටි තුන්සියයකට ආසන්න මුදලක්, මහජන මුදලින් බදු ගෙවමින්, ප්‍රයෝජනයට නොගෙන වසා දමා ඇති ගොඩනැඟිල්ලට රජයේ මුදල් නිකරුණේ වැය කිරීමට එරෙහිව, එම ක්‍රියාවට සම්බන්ධ සෑම පුද්ගලයකුටම විරුද්ධව නඩු පැවරීමට ඒකාබද්ධ විපක්ෂය සැරසෙයි. මේ වනවිට වසර දෙකකට ආසන්න කාලයක් මෙම ගොඩනැඟිල්ල සඳහා රුපියල් කෝටි හයසියයකට ආසන්න මුදලක් ගෙවා ඇති බවත් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන, හිස් ගොඩනැඟිල්ලක් සඳහා එසේ …

Continue Reading

ඇමති දුමින්ද යළි පරණ තැටියම වාදනය කරයි

විනය කඩ කළ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්‍ෂණ පවත්වා අවශ්‍ය පියවර ගැනීමට පෙරේදා (22 දා) රාත්‍රියේ රැස්‌ වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව එම පක්‍ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මතය කඩිනමින් රටට හෙළිකිරීමටත් ඒ සඳහා අවශ්‍ය පියවර …

Continue Reading

ඇමති දුමින්ද ඇයි සබීතාට බදු ගෙවන්නේ..?

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නමට අගමැතිවරයා ලබාගත් ගොඩනැගිල්ලේ බදු ගිවිසුම් අවසන් කළ යුතු බව දූෂණ විරෝධි පෙරමුණ පවසයි. එම පෙරමුණ විසින් ඊයේ (16) පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමියෝ මේ බව සඳහන් කළහ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2016 පෙබරවාරි 17 දින කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරනු ලැබූ සංදේශයට අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහා රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලක් …

Continue Reading