අල්ලන කුඩු ආයේ එනවද..? මෛත්‍රී අපිව රවටනවද..? සියල්ලට පිළිතුරු දෙමින් සියල්ලන් ඉදිරියේ ජනපති නියෝගයෙන් කුඩු වාෂ්ප කරයි

මෙරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගැනුණු අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ කොකේන් කිලෝග්‍රෑම් 769ක් ප්‍රසිද්ධියේ විනාශ කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරික්ෂණය යටතේ අද (01) පෙරවරුවේ කැලණිය මගුරුවෙල පිහිටි සුරවීර ගබඩා සංකීර්ණයේ දී සිදු කෙරිණි. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියමයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මූලිකත්වයෙන් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව මෙම විනාශ කිරීම සිදු විය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ සහ ගල්කිස්ස ප්‍රධාන …

Continue Reading

කොල්ලුපිටිය සුපිරි නිවාස සංකීර්ණයෙන් මිලියන 1100 ක හෙරෝයින් ඇල්ලු මෙහෙයුම

රුපියල් මිලියන 1100 කට අධික වටිනාකමින් යුත් කිලෝග්‍රෑම් 95 කට වැඩි හොරොයින් මත්කුඩු තොගයක් කොල්ලුපිටිය සුපිරි නිවාස සංකීර්ණයකින් සොයාගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්විය. කොල්ලුපිටියේ පිහිටි මෙම සුපිරි නිවාස සංකීර්ණයේ පළමු මහලේ නිවසක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හා විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද(22) විශේෂ පරීක්ෂාවට ලක් කෙරුණු අතර එහිදී මෙම හෙරොයින් තොගය සොයා ගැනුණි. හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් …

Continue Reading

පොලිසිය ඩීල් සහ ජාවාරම්කරුවන්ගෙන් ගලවාගෙන ජනපති යටතට ගැනීමේ රහස සහ වෙනස

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ වැටලීම් තවදුරටත් ශක්තිමත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ. එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොලිස් දෙපාර්තමේන්තුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමෙන් අනතුරුව ගතවූ මාස 02 කට ආසන්න කාලය තුළ දී නීතිවිරෝධි මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම් ඉතා ශක්තිමත් කර තිඛෙන අතර එහි සුවිශේෂි ප්‍රගතියක් දක්නට ලැබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් …

Continue Reading

ඇතුලේ ඉදන් වෙලේ සුදා ජයටම වැඩ! ජාවාරම් කළ කෝටි 2.5ක කුඩු තොගයක් අල්ලයි

හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින වෙලේ සුදා නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාට අයත් රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක්‌ පිළියන්දල ප්‍රදේශයේ නිවසක තිබියදී පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් පෙරේදා (14 දා) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත. මෙම හෙරොයින් තොගය සඟවා ගෙන සිටි වෙලේ සුදාගේ සමීපතම ගෝලයකු ද අත්අඩංගුවට ගත් අතර ඔහු සතුව තිබී …

Continue Reading

ලංකාවේ කුඩ්ඩෝ 40,000ක්‌; දවසකට කිලෝ 4 ක් වෙළඳපොලට

ශ්‍රී ලංකාවේ ඇස්‌තමේන්තුගත හෙරොයින් භාවිත කරන්නන් 45,000 ක්‌ සිටින අතර ඔවුන්ට දෛනිකව හෙරොයින් කිලෝ 04 ක්‌ අවශ්‍ය බව අලුත්ම වාර්තාවලින් හෙළිවී ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපති මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහි ශ්‍රී ලංකා තොන්ගෝඩා සංවිධානය විසින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩල ශ්‍රවණාගාරයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්‌වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. පසුගිය …

Continue Reading

ප්‍රබල ඇමැති(ගේ) පෞද්ගලික ලේකම් ප්‍රවාහනය කරද්දී කොටු වූ ලක්ෂ ගණනක මත්ද්‍රව්‍ය තොගය එළියට

රජයේ ප්‍රබල ඇමැතිවරයකු(ගේ) පෞද්ගලික ලේකම්වරයකු ඇතුළු සැකකරුවන් සිව්දෙනකු සුඛෝපභෝගී මෝටර් රථයකින් රුපියල් ලක්‍ෂ ගණනක්‌ වටිනා විදේශීය මත්පැන් හා මත්ද්‍රව්‍ය තොගයක්‌ ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් පෙරේදා (05 වැනිදා) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත. එම බළකායේ මෙහෙයුම් අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම සැකකරුවන් ගල්කිස්‌ස බීච් හෝටලයක්‌ අසලදී කොටුකරගෙන තිබේ. පසුව එම නිලධාරීන් රථය පරීක්‍ෂාවට ලක්‌ කිරීමේදී …

Continue Reading