ප්‍රබල ඇමැති(ගේ) පෞද්ගලික ලේකම් ප්‍රවාහනය කරද්දී කොටු වූ ලක්ෂ ගණනක මත්ද්‍රව්‍ය තොගය එළියට

Spread the love

රජයේ ප්‍රබල ඇමැතිවරයකු(ගේ) පෞද්ගලික ලේකම්වරයකු ඇතුළු සැකකරුවන් සිව්දෙනකු සුඛෝපභෝගී මෝටර් රථයකින් රුපියල් ලක්‍ෂ ගණනක්‌ වටිනා විදේශීය මත්පැන් හා මත්ද්‍රව්‍ය තොගයක්‌ ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් පෙරේදා (05 වැනිදා) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.

එම බළකායේ මෙහෙයුම් අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම සැකකරුවන් ගල්කිස්‌ස බීච් හෝටලයක්‌ අසලදී කොටුකරගෙන තිබේ.

පසුව එම නිලධාරීන් රථය පරීක්‍ෂාවට ලක්‌ කිරීමේදී කොකේන් මිලිග්‍රෑම් 3000 ක්‌ද, ඩාන්සින් පෙති මිලිග්‍රෑම් 4500 ක්‌ද, හෂීස්‌ මිලිග්‍රෑම් 9740 ක්‌ද, විදේශීය මත්පැන් බෝතල් 18 ක්‌ද, නීති විරෝධී විදේශීය දුම්වැටි 48 ක්‌ද උල්පිහි දෙකක්‌ සහ සහකාර පොලිස්‌ අධිකාරිවරයකුගේ නිල හැඳුනුම්පතක්‌ තිබී එම බළකාය භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇති ඩාන්සින් ටැබ්ලට් එකක් රුපියල් 7500ක් පමණ වන බවද පැවසෙයි.

පසුව ඇමැති පෞද්ගලික ලේකම්වරයා සමඟ සිටි අනෙක්‌ තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන මුදාහැරි බවත්, ඇමැති පෞද්ගලික ලේකම්වරයා අදාළ මත්ද්‍රව්‍ය හා විදේශීය මත්පැන් සමඟ ගල්කිස්‌ස මූලස්‌ථාන පොලිසියට භාරදුන් බවද එම බළකාය කියයි.

මෙම ලෙක්ම්වරයා අදාල ඇමතිවරයා සමග අතිශය සමීප ඇසුරක් පවත්න්නෙකුද ඇමතිවරයා සමග නිතර රට සවාරි යන්නෙකු බවද සදහන්ය

ගල්කිස්ස පොලිසියේ රදවා සිටි සැකකරුවන් නිදහස් කරන්නැයි ඇමතිවරයාගෙන් දැඩිව බලපෑම් එල්ල වූ බවද වාර්තා වෙයි.

මෙම පිරිස අත්අඩංගුවට පත්වෙද්දී ගමන් කරමින් සිට ඇත්තේ CAB-7855 දරණ වාහනයෙන් බවද සදහන්ය.

පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එම්. ආර්. ලතීප් මහතාගේ අධීක්‍ෂණය යටතේ එම බළකායේ මෙහෙයුම් අංශයේ උප පොලිස්‌ පරීක්‍ෂක විමලරත්න ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ මෙම වැටලීම සිදු කළහ.

RSL

Related Posts