ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අපේක්ෂාභංගත්වයට පත්වෙති – බංග්ලාදේශයෙන් 474/4ක සුපිරි ඉනිමක්

පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදීත් ශ්‍රී ලංකා පන්දු රකින්නන් වෙහෙසට පත් කළ බංග්ලාදේශ පිතිකරුවෝ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් අද (22 දා) තරගය නිමා කරන විට කඩුලු 4 කට ලකුණු 474 ක් දක්වා ලකුණු පුවරුව ඉහළ දමා ගැනීමට සමත්වූහ. පළමු දිනට රැස් කරන ලද ලකුණු 302 කට අමතරව අද දිනයේදී යවන ලද පන්දුවාර 65 තුළදී රැස් කර ගන්නා ලද ලකුණු 172 දී …

Continue Reading

මංගල – අවමංගල උත්සව සඳහා සහභාගී වන පිරිස සීමාකිරීමට අවධානය

විවාහ මංගල උත්සව  සහ අවමංගල උත්සව සඳහා සහභාගී කරවාගත හැකි පිරිස සීමා කිරීමට අවධානය  යොමු කර ඇතැයි ද  මෙම උත්සව ඇතුළු සියළු උත්සව අවස්ථා සඳහා මීට ඉහතදී ක්‍රියාත්මක වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු ඇතැයිද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසනවා.

Continue Reading

බැටිකලෝ කැම්පස් රජයට පවරා ගැනීමට අවධානය

බැටිකලෝ කැම්පස් ආයතනය රජයට පවරා ගැනීම සම්බන්ධව විශේෂ අවධානයක් යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්‍ය ජී.ඇල් පීරීස් මහතා පාර්ලිමේන්තුවේදී අද (22) කීවේය. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ එම ආයතනයට උපාධි පිරිනැමීම සඳහා අනුමැතිය ලබා දී නොමැති බව යි. බැටිකලෝ කැම්පස් ආයතනය සතුව ඉතා වටිනා සම්පත් පවතින බවත්, ඒවා පේරාදෙණිය විශ්වවිද්‍යාලය …

Continue Reading

Covid-19 යළි ව්‍යාප්ත වීමේ වගකීම ජනතාව නොව සෞඛ්‍ය අමාත්‍යාංශය භාරගත යුතුයි’

රෝග පරීක්ෂාව අවම කර, රෝග පාලනය අත හැර දැමූ සෞඛ්‍ය අමාත්‍යාංශය, ජනතාව මත වරද පැටවීම සිදු නොකල යුතු බවත් නව කොවිඩ් ප්‍රභේදයක් පැතිරීම පිළිබදව රාජ්‍ය ඇමති ජයසුමනගේ ප්‍රකාශය පදනම් විරහිත බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (22) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීයි. එහිදී කොවිඩ් වසංගතයේ වත්මන් තත්ත්වය ගැන දීර්ඝව කරුණු පැහැදිලි කළ …

Continue Reading

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සහන සැලසීමට ලැබුණු රුපියල් බිලියනය ආගිය අතක් නෑ

”පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ගේ සුබ සාධනය වෙනුවෙන් ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානය විසින් 2019 ජුලි 30 වෙනි දින ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරන ලද ඩොලර් මිලියන පහක (රුපියල් මිලියන 1,000) ආධාර මුදලට කුමක් සිදුවීද යන්න සොයා බැලිය යුතු බව”ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ පවසති. උන්වහන්සේ මේ බව කියා සිටියේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සිහිකරනුවස් “සමිදුන් වෙතගිය මිනිසුන්” මැයෙන් ඊයේ (21) …

Continue Reading

රසායනික පොහොර භාවිතයෙන් ලබා ගන්නා ඉහළ අස්වැන්නකට වඩා ජීවිත මට වටිනවා – ජනපති

රසායනික පොහොර ආනයනය ඉදිරි කෙටි කාලය තුළදී සම්පූර්ණයෙන් නතර කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. රසායනික පොහොර භාවිතයෙන් ඉහළ අස්වැන්නක් ගත හැකිය. වැව්, ඇලවේලී සහ භූගත ජලය දූෂණයෙන් ජීවිතවලට වන හානිය එම ලාභයෙන් පියවිය නොහැකිය. රසායනික පොහොරවල බලපෑම වකුගඩු රෝගය ඇතුළු බෝ නොවන රෝග රැසකට හේතු වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙති. ප්‍රතිකාර සඳහා වැයවන මුදල සහ ජිවිතවලට …

Continue Reading

ශ්‍රී ලංකාවේ සැලසුම් අවුල් වෙයි – බංග්ලාදේශය 302/2 යි

වේග පන්දු යවන්නන්ට උචිත වන පරිදි තණතීරුව සකස් කරමින් බංග්ලාදේශ පිතිකරුවන්ට අභියෝගයක් එල්ල කිරීමට සැලසුම් සැකසුවද කිසිදු කලබලයකින් තොරව පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිතිකරුවෝ ශ්‍රී ලංකාවට එරෙහිව මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී අද (21 දා) ආරම්භ වුණු පළමු ටෙස්ට් තරගයේ පළමු දිනට ක්‍රීඩාව නිමා කර දමනා විට ලකුණු පුවරුව කඩුලු 2 කට ලකුණු 302 ක් වශයෙන් ප්‍රබල ස්ථාවරත්වයකට රැගෙන ඒමට සමත්වී සිටියහ. වේග පන්දු යවන්නන් හමුවේ බංග්ලාදේශ පිතිකරුවන් දක්වනු ලබන …

Continue Reading

ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගෙන රෝගී වූ ‘තිදෙනෙක් මියගියා’ – සෞඛ්‍ය ඇමති පවිත්‍රා

එන්නත්කරණය තුළ කලාතුරකින් ඇතිවිය හැකි ආසාත්මිකතා තත්ත්වයන් සම්බන්ධයෙන් අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා දීමෙන් එන්නත්කරණය ගැන මහජන විශ්වාසය පළුදු විය හැකියි ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීමෙන් පසුව මෙරය පුද්ගලයින් හය දෙනකු රුධිරය කැටි ගැසීමට ලක් වූ බවත් ඉන් තිදෙනකු මේ වන විට මරණයට පත්ව ඇති බවත් සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද (21) හෙළි කළාය. සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව හෙළි කළේ …

Continue Reading

යළිත් කොවිඩ් -19 දැඩි වසංගත අවධානමක් – අලුත් නීති හා සැලසුම් රැසක් ක්‍රියාත්මකයි

අලුත් අවුරුදු උත්සව කාලයේ දී ජනතාව නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් කොවිඩ් -19 වසංගතය තදින්ම පැතිරයාමේ දැඩි අවදානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියයි. මේ තත්ත්වය තුළ දැඩි තීන්දු කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බව ද අමාත්‍යවරිය පැවසුවාය. වත්මන් තත්ත්වය පිළිබදව වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ සෞඛ්‍ය අමාත්‍යවරිය, ‘‘ජනතාව කිසිම සැලකිල්ලකින් තොරව පසුගිය අලුත් අවුරුදු දිනවල …

Continue Reading

කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසු ‘සංකූලතා ඇතිවුවහොත්’ දැනුම් දෙන්න දුරකථන අංකයක්

කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසු සංකූලතා ඇතිවුවහොත් ඒ පිළිබඳව 011-3415985 අංකය ඔස්සේ දැනුම් දිය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය. එම දූරකථනයට ලැබෙන එවැනි ඇමතුම් සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා කෙළඹ ජාතික රෝහලේ විශේෂ ඒකකයක්ද ස්ථාපිත කර ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩි දුරටත් සදහන් කළාය.

Continue Reading