ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගෙන රෝගී වූ ‘තිදෙනෙක් මියගියා’ – සෞඛ්‍ය ඇමති පවිත්‍රා

Spread the love

එන්නත්කරණය තුළ කලාතුරකින් ඇතිවිය හැකි ආසාත්මිකතා තත්ත්වයන් සම්බන්ධයෙන් අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා දීමෙන් එන්නත්කරණය ගැන මහජන විශ්වාසය පළුදු විය හැකියි

ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීමෙන් පසුව මෙරය පුද්ගලයින් හය දෙනකු රුධිරය කැටි ගැසීමට ලක් වූ බවත් ඉන් තිදෙනකු මේ වන විට මරණයට පත්ව ඇති බවත් සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද (21) හෙළි කළාය.

සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව හෙළි කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 (2)යටතේ මතු කළ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ සෞඛ්‍ය අමාත්‍යවරිය මෙසේද පැවසුවාය.

‘‘ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීමෙන් සති කිහිපයකට පසුව රුධිරය කැටි ගැසුණු රෝගීන් වෙනත් රටවලින් ද වාර්තා වී තිබෙනවා. නමුත් මෙවැනි සිදුවීම් වාර්තා වන්නේ මිලියනයකට 4ත් 6ත් අතර 4ත් 6ත් අතර ප්‍රමාණයකින් බවයි විශේෂඥයින් පවසන්නේ. ඒත් මේ දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානය රුධිරය කැටි ගැසීම හා එන්නත් අතර සෘජු සෘජු සම්බන්ධතාවයක් හඳුනා ගෙන නැහැ. ඒ ගැන තාම පර්යේෂණ සිදුවෙනවා‘‘

මෙහිදී අමාත්‍යවරිය වැඩි දුරටත් සදහන් කළේ කොරෝනා රෝගී තත්ත්වය නිසා ඇතිවිය හැකි ආබාධ සමඟ සංසන්දනය කිරීමේ කිරීමේ දී රුධිරය කැටි ගැසීමට ඇති ප්‍රවණතාව ඉතා අල්ප බවයි.

එන්නත්කරණය තුළ කලාතුරකින් ඇතිවිය හැකි ආසාත්මිකතා තත්ත්වයන් සම්බන්ධයෙන් අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා දීමෙන් එන්නත්කරණය ගැන මහජන විශ්වාසය පළුදු විය හැකි බව ද දැනට භාවිතා වන බොහෝ එන්නත් වලින් ලක්ෂයකට එක් අයකුට උගුරේ ආසාත්මිකතා තත්ත්වයන් ඇතිවිය හැකි බවත් සෞඛ්‍ය ඇමැතිවරිය වැඩි දුරටත් සදහන් කළාය.

Related Posts