තරාතිරම නොබලා වෙරළ දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්න – ජනපති

වෙරළ තීරය දූෂණය වන ලෙස අපද්‍රව්‍ය බැහැර කරන්නන්ට සහ වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම්වල නිරත වන්නන්ට එරෙහිව තරාතිරම නොබලා‍ නීතිමය පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා එලෙස උපදෙස් දුන් බවයි. මෙරට ජනගහනයෙන් 24%ක් ද ඉඩම්වලින් 25%ක් ද වෙරළ කලාපයට අයත් වේ. වෙරළ කලාප කළමනාකරණය සහ සංවර්ධනය පිළිබඳ මෙම සාකච්ඡාවට …

Continue Reading

ආරක්ෂාවට කරන වියදම් සියල්ල ආයෝජනයක් – බැසිල් රාජපක්ෂ

ආරක්ෂාවට යන වියදම් සියල්ල ආයෝජනයක් ලෙස සලකන බවත් ආරක්ෂක වියදම් කපන්න කියන්නේ ත්‍රස්තවාදීන්ට උදව් කරන අය මිස වෙන කෙනෙකුට එසේ කිව නොහැකි බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. මේ රටට සංචාරකයින් පැමිණීමට ප්‍රධානතම හේතුව මේ රටේ ආරක්ෂාව, ජනතාවගේ ආරක්ෂාව, දේපොළවල ආරක්ෂාව, පමණක් නොව සංචාරකයින්ට ලබාදුන් ආරක්ෂාවයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(30) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවනවර කියැවීමේ …

Continue Reading

ව්‍යාපෘති අනුමත කිරීමේ බලය ප්‍රාදේශීය මට්ටමට විමධ්‍යගත කෙරේ

පසුගියදා මහනුවර ගන්නෝරුව පැළෑටි සහ ජාන සම්පත් මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ පැවති මහනුවර දිස්ත්‍රික්  සම්බන්ධීකරණ කමිටුව හමුවේ අදහස් දක්වමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ දිස්ත්‍රික්කවල සංවර්ධනය සදහා වෙන් කරන මුදල් යොදාගෙන සිදු කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති හඳුනාගැනීම, අනුමත කිරීම සහ ක්‍රියාත්මක කිරීමේ බලය ප්‍රදේශීය සම්බන්ධීකරණ කමිටුවලට පවරන බවත් ඒ අනුව අමාත්‍යංශය මගින් නිකුත් කොට ඇති උපදෙස්වලට අදාළ ව තම කොට්ඨාසවලට …

Continue Reading

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 2,740 ක්

ඊයේ (30 අගෝ.) ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ තීරණයක් අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 2,740 ක් ලබා දීමට ආර්ථික සංවර්ධන අමාත්‍යංශය තීරණය කළේය. ඒ අනුව එම දිස්ත්‍රික්කයේ ආසන 03ක සංවර්ධන කටයුතු කඩිනම් සැලැස්මක් යටතේ අද සිට ක්‍රියාත්මක වේ. මේ යටතේ ත්‍රිකුණාමලය, සේරුවිල සහ මුතූර් මැතිවරණ කොට්ඨාස …

Continue Reading

මාතලේ සංවර්ධනයට බිලියන 2.8 ක් – බැසිල් රාජපක්ෂ

ඊයේ (16 අගෝඅ.) පැවති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වෙමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ඉදිරියේදී ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමේ පියවරක් ලෙස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ බලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වෙත ලබා දෙන බවයි. ඒ අනුව සුළු වාරිමාර්ග, කුඩා වැව් ප්‍රතිසංස්කරණය, පළාත් සභා පාසැල් හි සනීපාරක්ෂක පහසුකම්, ප්‍රාදේශීය සභා මාර්ග කොන්ක්‍රීට් කිරීම, පෙර පාසැල් ප්‍රතිසංස්කරණ කටයුතු …

Continue Reading