අලුත් ආණ්ඩුවට සුසිල් – දිනේෂ් ලහි ලහියේ සැලසුම් සකසයි

Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරටු කරගත් අලුත් ආණ්ඩුවක් වෙනුවෙන් මේ වන එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එහි නායක දිනේෂ් ගුණවර්ධනගේ මුලිකත්වයෙන් නව ආණ්ඩුවක් නිර්මාණය කිරීම වෙනුවෙන් මේ වන සැලසුම් සකසමින් සිටින බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊයේ ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයා සමඟ පැවති අවසන් සාකච්ඡාවේදී තීරණය වූයේ නව ආණ්ඩුව සැකසීමේ කටයුතු දිනේෂ් සහ සුසිල් යන ඇමතිවරුවන් භාරදීමටයි.

මේ සඳහා ඒකාබද්ධය නියෝජනය කරන ශ්‍රීලනිප සහ සන්ධාන මන්ත්‍රීවරු දැඩි උනන්දුවකින් කටයුතු කරන බවට වාර්තාවන අතර මෙම ආණ්ඩු මාරුව සැලවීමත් සමඟ බිම්මට්ටමේ ශ්‍රීලනිප පාක්ෂිකයින් මහත් උද්දාමයට පත්ව ඇති බවට වාර්තාවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙකු වන නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැතිවරයා ලෙස පත්කිරීමට දෙපාර්ශවයම එකඟ වී ඇති අතර ගරාවැටෙන එක්සත් ජාතික පක්ෂයේ නායත්වයෙන් සහ අගමැතිකමින් රනිල් ඉවත් නොවීම හේතුවෙන් එජාපයේ විශාල මන්ත්‍රීවරුන් පිරිසක් කොන්දේසි විරහිතව නව ආණ්ඩුවට සහය පළකිරීමට එක්වෙමින් සිටින අතර ඒ අනුව මේවන විට එය 113 ඉක්මවා ක්‍රමිකව ඉහළයමින් පවතින බවට වැඩිදුරටත් වාර්තාවේ.

RSL

Related Posts