බෑයි කියලා.. බෑයි කියලා.. බෑ.. රනිල් අගමැතිකමින් ගෙදර යවන හැටි නීති විශාරදයෝ පෝලිමේ ඇවිත් කියාදෙති (Videos)

Spread the love

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට තමාව කිසි ලෙසකින්වත් ගෙදර යැවිය නොහැකි බව පැවසීම වෙනුවෙන් වත්මන් අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා අද(16) සවස විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ජනාධිපතිවරයාට අභියෝග කර සිටියේය.

රනිල් විසින් ජනාධිපතිවරයාට කළ එම අභියෝගයත් සමඟම දෙස්-විදෙස් සුපතළ නීතිවිශාරදයෝ පෝලිමේ නීති පොත් රැගෙන විත් රනිල්ව ඉතා පහසුවෙන් සහ සරලව ගෙදර යවන හැටි ජනාධිපතිවරයාට පෙන්වාදෙමින් සිටින බවට වාර්තාවේ.

එසේම මෙරට සියලුම මාධ්‍ය ආයතන වාගේ නීති විශාරදයින් හරහා අගමැතිකමට අරක්ගෙන සිටින රනිල් ගෙදර යවන විදිය ජනතාවට කියා දෙමින් සිටී.

පවතින තත්වය හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා අකමැත්තෙන් හෝ අනිවාර්යෙන්ම ගෙදර යා යුතු බවට වන මතයක් රටපුරා ගොඩනැඟෙමින් පවතී.

RSL

Related Posts