රුපියලේ බාල්දු වීම හමුවේ ඉතිහාසයේ පළමු වරට ඩොලරය 173 ඉක්මවයි

Spread the love

2018 ක්වූ ඔක්තෝබර් මස 22 වනදා වන අද දින ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු එක්සත් ජනපද ඩොලරය ඉදිරියේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව බාල්දු වෙමින් ඩොලරයකට විකුණුම් මිල රු.173.38ක් ලෙස සටහන් විය.

වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නොහැකියාව සහ මුල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් කිසිඳු දැනුමක් නොමැති කමින් මෙලෙස දිනපතා රුපියල බාල්දු වෙමින් ඩොලරය ඉහළ යන අතර මේ හේතුවෙන් තෙල් මිල, අත්‍යවශ්‍ය භාණ්ඩ, අත්‍යාවශ්‍ය ආහාර පාන, ඖෂධ යනාදිය ඉතා සීඝ්‍රයෙන් ඉහළ යන අතර ජනතාව ඉන් ඇතිකරන බලපෑම අතිවිශාලය.

මුදල් ඇමති මංගලගේ මෙම නොහැකියාව හේතුවෙන් මේ වන විට ව්‍යාපාර සහ රටේ සමස්ත ආර්ථිකයම දැඩි අසීරු තත්වයකට පත්ව ඇති අතර මෙම තත්වය පාලනයට හෝ ඉන් ගොඩ ඒමට මංගලට හෝ ඔහුගේ ගෝලබාලයින්ට කිසිඳු විකල්පයක් නොමැති බව පැහැදිලිය. පසුගිය මාස 05 තුල පමණක් මුදල් ඇමති මංගල සමරවීර මෙරට සතුව තිබූ සංචිත ඩොලර් මිලියන 1268ක් දෛනිකව බාල්දු වන රුපියල පාලනය සඳහා නිකරුණේ දියකර හැර හමාරය.

ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල පසුගිය සැප්තැම්බර් 21 දා රුපියල් 170 සීමාව ඉක්මවා ගිය අතර අද දිනයේ දී එය පළමු වරට රු. 173 සීමාව ඉක්මවා ගියේය.

ආශ්‍රිත පුවත්: රුපියලේ බාල්දුවට දින කිහිපයක් ඇබ ගහන්න චීනයෙන් ඩොලර් බිලියනයක ණයක් අරන්! ණයට ගෙවිය යුතු පොළිය රහසක්!

බාල්දු වන රුපියල ගොඩගන්න මාස 5ක් තුල සංචිත ඩොලර් මිලියන 1268 ක් දියකරලා

මසක් තුල මහ බැංකුවේ සංචිත ඩොලර් මිලියන 1404 කින් පහළට

බාල්දු වන රුපියල ගොඩගන්න මාස 5ක් තුල සංචිත ඩොලර් මිලියන 1268 ක් දියකරලා

මංගලගේ මොංගල් ගැට පුස්සක් කරමින් රුපියල තව තවත් බාල්දු වෙයි; ඩොලර් මිලියන 184ක් වතුරේ

බාල්දු වන රුපියල රැකගන්න භාණ්ඩාගාරය සතු ඩොලර් මිලියන 184ක් විකුණයි!

RSL

Related Posts