ආණ්ඩු පෙරලන්න යන තක්කඩියන්ගේ ඊනියා ආණ්ඩු විරෝධයට හසුවෙන්න එපා

Spread the love

වංචා, දූෂණ ප්‍රබලව එල්ල වී ඇති පරාජිත දේශපාලන කණ්ඩායම ආණ්ඩුව පෙරළීම සඳහා ආණ්ඩුවේ වැරැදි අයුතු ලෙස භාවිත කරන බැවින් එවැනි තක්කඩියන්ට හසු නොවන ලෙස ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ජනතාවගෙන් ඉල්ලයි. පරාජිත රාජපක්‍ෂ දේශපාලන කල්ලියත්, ආණ්ඩුවෙන් ඉවත් වූ යන එන මං නොමැති 16 කල්ලියත්, ආර්ථිකය ගොඩනඟන්න බව පවසමින් ආ ආර්ථිකය බංකොලොත් කළ එක්සත් ජාතික පක්ෂයත් අද බලය වෙනුවෙන් මහජනතාව විවිධ අයුරින් රවටමින් සිටින බවට ඒ මහතා චෝදනා කළේය.

ඔහු පැවැසුවේ මේ වන විට කරළියේ මතු කරන භාරකාර ආණ්ඩු කතා, ජනපති අපේක්ෂකයා කවුද, එසේත් නැතිනම් ආර්ථිකයේ ඔස්තාර්ලා ලෙස හැසිරුණු රනිල් වික්‍රමසිංහලගේ නිෂ්පාදන ආර්ථිකය සෑදීමේ නන්දෙඩවීම්වලින් ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යට ගසනවා මිස රට සංවර්ධනය කිරීමේ කිසිදු වැඩපිළිවෙළක් මහින්දට, මෛත්‍රිට හෝ රනිල්ට නොමැති බවය. ඒ මහතා මේ බව පැවැසුවේ පෙරේදා (21) ජවිපෙ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා,

මේ ආණ්ඩුව පරාජයට පත් කරලා ජනතාවගේ ආණ්ඩුවක් ගොඩනැඟීම වෙනුවෙන් දැවැන්ත ජනතා බලයක් ගොඩනැඟීම දක්වා ජනතා විරෝධය ඉදිරියට ගෙනයනවා. මේ ජනතා විරෝධය වෙනුවෙන් පෙළ ගැසෙන බලවේග සමඟින් ආණ්ඩුව පරාජයට පත්කරලා ජනතාවාදී පාලනයක් ගොඩනැඟීම දක්වා ක්‍රියාමාර්ගය දියත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ජනතාවගේ ප්‍රශ්නය වෙලා තිබෙන ආර්ථිකය බිඳ වැටීම, බදු බර වැඩිවීම, ජීවන බර වැඩිවීම නිසා ජීවත් වෙන්න අමාරු වෙලා තිබීමයි. නමුත් විමල්ලට ගම්මන්පිලලට ඒ ප්‍රශ්න නැහැ. ඔවුන්ගේ ප්‍රශ්නය හොරකම්වලට තමන්ට නඩු වැටෙන එක වළක්වා ගැනීමයි. අනෙක් පැත්තෙන් මහින්ද රාජපක්ෂ උත්සාහ කරමින් ඉන්නේ නාමල් රාජපක්ෂට පාර කපල දෙන්නයි. වසර 9ක් ජනාධිපතිකම කරපු, මුදල් ඇමැතිකම කරපු මහින්දට රුපියල කඩාවැටීම ගැන පැහැදිලි කරගන්න බැහැ.

මාධ්‍යවේදීන් ප්‍රශ්න කළාම කබ්රාල්ගෙන් අහලා තමයි උත්තර දුන්නේ. ආවාම කරලා පෙන්වන්නම් කියලා ප්‍රශ්නවලින් මඟහරිනවා. ඒ විතරක් නෙවෙයි බලයට එන්න බලාගෙන ඉන්න නාමල් රාජපක්ෂගෙන් ආර්ථිකය ගැන ඇහුවාම කියන්නේ ‘බන්දුල මන්ත්‍රිතුමා තමයි ආර්ථිකය ගැන දන්නේ එතුමාගෙන් ඇහුවොත් උත්තර දෙයි’ කියලා. බන්දුලගේ ආර්ථික විද්‍යාව ගැනත් අපි හොඳට දන්නවා. මොකද රුපියල් 2,500කින් පවුලකට මාසයක් ජීවත් වෙන්න පුළුවන් කිව්වේ ඒ බන්දුලම තමයි.

අපි ජනතාවට කියනවා, මෙවැනි දේශපාලන තක්කඩියන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියලා. දේශපාලන වශයෙන් අනාථ වුණු 16 කණ්ඩායම කියලා එකක් තියෙනවා. මෛත්‍රි ළඟ ඉඳලා වැඩකුත් නැහැ. මහින්ද රාජපක්ෂ ළඟට නිකම් යන්නත් බැහැ. ඒ නිසා ඒ කණ්ඩායම කල්පනා කරනවා ආණ්ඩුවක් හදන්න කපුකමක් කළොත් ඇමැතිකම් ටිකක් ගන්න පුළුවන් කියලා. විවෘත ආර්ථිකය වෙනුවෙන් පෙනී හිටපු එජාපයේ නායකයාට අද කියන්න සිදුවෙලා නිෂ්පාදන ආර්ථිකයක් ගැන. අපි පැහැදිලිව කියනවා. එජාපයට නිෂ්පාදන ආර්ථිකයක් ගැන සැබෑ වුවමනාවක් නැහැ කියලා. ප්‍රති අපනයනයෙන් කවදාවත් රටේ නිෂ්පාදනය ඇතිවෙන්නේ නැහැ. තමන් අස්සන් කරපු සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සාධාරණීයකරණය කරගන්න තමයි ප්‍රතිඅපනයනය ගැන කතා කරන්නේ.

දැන්වත් ජනතාව තේරුම් ගත යුතුව තිබෙන්නේ රනිල් – මෛත්‍රි හවුලට ආණ්ඩුවක් කරන්න බැහැ කියන එකයි. සියලු බලවේග එකතු කර ගනිමින් ජනතා ව්‍යාපාරයක් ගොඩනැඟීමේ ආරම්භයක් ලෙස 23 වැනිදා ජනතා විරෝධය යොදාගත යුතුව තිබෙනවා. ආණ්ඩුවේ ජන පීඩක ක්‍රියාමාර්ගවලට එරෙහිව සියලු බලවේග එකතු කරනවා. මෙම ජනතා විරෝධය 23 වැනිදායින් නොනැවතී මේ ආණ්ඩුව පරාජයට පත් කොට ජනතාවාදී පාලනයක් ගොඩනැඟීම දක්වා ඉදිරියට ගෙනයෑමටත් මෙම උද්ඝෝෂණය සාර්ථක කරගැනීමටත් එක්වන්න කියලා සියලුම ජනතාවගෙන් ඉල්ලනවා.

බරපතළ චෝදනා සහිතව ඉදිරිපත් වූ පැමිණිල්ලකට අනුව සිරගත කර සිටි මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු නි‍ෙදාස් කොට නිදහස් කරනවා. සැබැවින්ම එහි යම් ප්‍රශ්නයක් තිබෙනවා නේද?

ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදහස් වන්නේ හොරකම් නොකරපු නිසා නෙවෙයි. ආණ්ඩුවේ නඩු දැමීමේ ක්‍රියාවලියේ දුර්වලතා නිසයි. නිදහස් වුණු නිසා ජොන්ස්ටන් කියනවා අපේ රටේ උසාවි සාධාරණයි කියලා. ජොන්ස්ටන් ප්‍රනාන්දුලාට මේ හැම නඩුවකින්ම ගැලවෙන්න පුළුවන් කියලා අපි හිතන්නේ නැහැ. ඉදිරියේදී තමන්ට දඬුවම් ලැබෙන බව දන්න නිසා ආණ්ඩුව පෙරළලා තමන් ඉන්න ආණ්ඩුවක් හදන්න කතා කරන්නේ. එහෙම නැතිව ජනතාව ගැන හිතලා නෙවෙයි.

පසුගියදා මෙතෙක් එළියට නොදුන් තෙල් මිල සූත්‍රය මුදල් ඇමැතිවරයා විසින් මාධ්‍ය ඉදිරියේ පෙන්නනු ලැබුවා. නමුත් එය කිසිවකුට පැහැදිලි නැහැ නේද?
ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්

මංගල සමරවීර ඇමැතිවරයා රටට හෙළි කළේ 2002දී තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් අයි.ඕ.සී. සමාගමට විකිණීම සඳහා අස්සන් කරපු ගිවිසුමේ තිබුණු මිල තීරණය කරන සූත්‍රයයි.

මේ දිනවල සමාජ ජාලාවල විශාල වශයෙන් ප්‍රචාරය වෙනවා එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට රජයෙන් වන්දි ලබාදීමට යන බව. මෙහි සත්‍ය අසත්‍ය කුමක්ද?

නැවත යුද්ධයක් ඇති නොවීමට මේ යුද්ධයෙන් පීඩාවට පත්වූ සියලු දෙනාට සාධාරණය ඉටු කළ යුතුයි. උතුරේද, දකුණේද කියා වෙනසක් නැතිව සියලු දෙනාට සාධාරණය ඉටු කළ යුතුයි.

RSL

Related Posts