ශ්‍රී.ල.නි.ප විනය කැඩූවන්ගේ සාමාජිකත්වය අහෝසියි!

Spread the love

slfp

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ව හිදිමින් වෙනත් පක්ෂ නිර්මාණය කරන්නට යන අයගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරන්නට තීරණය වී තිබේ. පසුගිය දා මාධ්‍ය හමුවක් පැවැත්වූ එම පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරු 7 දෙනෙක් තමන් වෙත නිදහසට කරුණු ඉල්ලා පක්ෂය විසින් යොමු කෙරුණු ලිපි ප්‍රසිද්ධියේ ගිනි තබා දමනු දක්නට ලැබුණි.

මෙවැන්නක් යම් පක්ෂයකට කරනු ලබන විවෘත අභියෝගයකි. අනෙක් අතට බොහෝ අය කියන පරිදි ශ්‍රී.ල.නි.ප. ය තෝරු මෝරු සිටිය දී විනය ගැන ප්‍රශ්න කරන්නේ හාල්මැස්සන්ගෙන් පමණි. කොයි හැටි වෙතත් තමන් මෙවැනි පක්ෂ විනය නීති උල්ලංඝනය කරන්නන්ට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න පවසා තිබුණේ ය.

RSL

Related Posts