යෝෂිතගෙ තනියට නාමලුත් ඉක්මනින් ඇතුළට?

Spread the love

Namal2

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද නුදුරේ දී ම අත්අඩංගුවට ගනු ඇති බව දැන ගන්නට ඇත. රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය රගර් පරිපාලනය නිසා වූවක් බවත් එයට හිටපු ජනපති කුරුණෑගල මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයෙක් ඍජුව සම්බන්ධ බවත් එයට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාටත් චෝදනා එල්ල වී ඇත.

එසේ ම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් පවත්වාගෙන යන සමාගම් 5ක් වෙනුවෙන් ආයෝජනය කිරීමට මුදල් ලැබුණේ කොහෙන්, කෙළෙසක ද යන්න පරික්ෂණ අංශ හමුවේ හෙළිදරව් කිරීමට ඔහු අසමත් ව ඇත. කිහිප දෙනෙක් තමන්ට මුදල් ලබා දුන් බව ඔහු පැවසුවත් ඒ පුද්ගලයන් එසේ තමන් නාමල් වෙත මුදල් ලබා නොදුන් බව පවසන බව දැනගන්නට ඇත.

මේ අනුව නාමල්ට මුදල් විශුද්ධිකරණ පණත යටතේ ද චෝදනා ගොනු වනු ඇත.

මෙම පරික්ෂණවලට අදාළ හෙළිකළ හැකි මට්ටමේ තොරතුරු ජනතාව වෙත හෙළිදරවු කළ යුතු බව අපගේ හැඟීම යි. මන්දයත් බරපතළ චෝදනාවන් මත මොවුන් අත්අඩංගුවට පත් වූ සැනින් දේශපාලන පළිගැනීම් කරනවා යැයි කියන නිසා ය. එනිසා පරික්ෂණවලට බාධා නොවන මට්ටමේ තොරතුරු ජනතාවට හෙළි කළ යුතු ය.

RSL

Related Posts