රවීට දුන්නොත් උන් ගොඩයනවා, අටපාස් මංගලට දුන්නොත් නියමෙට වැඩේ අනනවා

Spread the love

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට යළි මුදල් අමාත්‍යධුරය ලබාදුනහොත් ඔහු අනිවාර්යෙන්ම 2015 දී සිදුකළාක් මෙන් උපක්‍රමශීලීව ජනතාවට සහ ව්‍යාපාරිකයින්ට අවශ්‍ය තැන්වලට සහන ලබා දී එක්සත් ජාතික පක්ෂයට වාසිදායක පසුබිමක් සකස් කරන බවත්, එය අපට දේශපාලනිකව අවාසිදායක වන බවත්, එම නිසා ආර්ථික ගැන තබා ගණන් හිලවු පිළිබඳවත් දැනුමක් නැති අටපාස් මංගලව යළි මුදල් ඇමතිකමට පත්කිරීම විපක්ෂයේ අපට දේශපාලනිකව වඩාත් වාසිදායක බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයා සමඟ පවසා ඇතැයි වාර්තාවේ.

ජනාධිපතිතුමා විසින් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කොට ආණ්ඩුවට අවශ්‍ය 113 සකසමින් ගිය මොහොතේ එය කඩාකප්පල් කළේ වෙන අන්කවරෙකුවත් නොව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ඩීල් කරුවා ලෙස ප්‍රකට කුප්‍රකට රවී කරුණානායක විසින් බවත් එම නිසාම මේ මොහොතේ ඔහුට මුදල් ඇමතිකම නොදීම ඔහුට එල්ල කළයුතු හැකි සහ කළයුතුම ප්‍රහාරය බවත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අතර සංවාදයට බඳුන්ව ඉහළම තැනට ගමන් කර ඇත.

එසේම මංගල විසින් රවීට එරෙහිව මඩ ගසමින් සිදුකරන එම මඩ ව්‍යාපාරයේ වාසියද අපට මේ මොහොතේ අපේ වාසියට හරවා ගත හැකිබවත්, රනිල්ව රකිමින් එජාපයට මූල්‍ය ශක්තිය සපයන රවීව දුර්වල කිරීම අතිශයින්ම වැදගත් බවත්, ජන්ම ගත ශ්‍රී ලංකා කාරයෙක් වන මංගල සිදුකරන එම කාර්යය අප මේ මොහොතේ නිහඬවම අගය කළ යුතුබවත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිස සිනාසෙමින් පවසා ඇත.

ශ්‍රී ලංකා ජන පෙරමුණේ කුප්‍රකට ඩීල්කරුවා වන බැසිල් රාජපක්ෂ යම්සේද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩීල්කරුවා වන තිලංග සුමතිපාල යම්සේද, එක්සත් ජාතික පක්ෂයේ ඩීල්කරුවා වන්නේ කුප්‍රකට රවී කරුණානායක වන අතර අගමැතිධුරයට පත් මහින්ද රාජපක්ෂට සහය දීමට පැමිණි වසන්ත සේනානායක සහ ශ්‍රීලනිපයේ මනූෂ නානයක්කාර යන මන්ත්‍රීවරුන් යළි එක්සත් ජාතික පක්ෂයට ගෙන යළි එජාප ආණ්ඩුවකට පාර කැපීම සඳහා වූ හැරවුම් ලක්ෂය වෙනුවෙන් වූ මෙහෙයුම සිදුකළේ රවී කරුණානායක බව තිරය පිටුපස වූ දේශපාලනයේ සත්‍ය කතාව බව බොහෝ දෙන්නා දන්නා ප්‍රසිද්ධ රහසයි.

Loading...

RSL

Related Posts