ජනපති සුරකින ජනතා පෙරමුණක්..!

Spread the love

ජනපති සුරකින ජනතා පෙරමුණ නමින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ආරක්‍ෂා කිරීම සඳහා පාරිභෝගික අයිතීන් සුරකීමේ සංවිධානය, යතුරුපැදිකරුවන්ගේ් සංගමය, ත්‍රිරෝද රථ සම්මේලනය හා ආපනශාලා හිමියන්ගේ සංගමය ඒකාබද්ධව පෙරමුණක් ගොඩනැඟූ බව එම පෙරමුණේ කැඳවුම්කරු අසේල සම්පත් පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (19දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.

මේ වන විට ජනාධිපති ධුරය පිළිබඳව විවිධ මතවාද කරළියට පැමිණෙන බවත් එහිදී කිසි දිනෙක ජනාධිපතිවරයකු වීමට නොහැකි රනිල් වික්‍රමසිංහ ඇතුළු එ.ජා.ප.ය ගෙන ආ 19 ව්‍යවස්ථාවෙන් කිසි දින රාජ්‍ය බලයට පැමිණීමට නොහැකි ජ.වි.පෙ. ගෙන එන 20 වැනි සංශෝධනයත් ජනපති සුරකින පෙරමුණ හෙළා දකින බවත් එහි කැඳවුම්කරු පවසයි.

ජනපති සුරකින ජනතා පෙරමුණ කැඳවුම්කරු අසේල සම්පත් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ලෙස කටයුතු කළ අතර එහිදී රටේ ජනතාව සේම තමන් ඇතුළු පිරිසද ජනාධිපතිවරයාට බැන වැදුණු බවත් ඊට අද කම්පා වන බවත් හෙතෙම පවසයි.

RSL

Related Posts