මහින්ද උගන්ඩා යෑමේ රහස හෙළිවෙයි (විශේෂ)

Spread the love

mahinda-with-musaweniහිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට ඔහු වැනිම ඒකාධිපති පාලකයෙකුගෙන් විශේෂ ආරාධනාවක් ලැබී ඇත. ඒ උගන්ඩාවේ අතිශය දූෂිත ජනාධිපතිවරණයකින් බලය තහවුරු කරගත් උගන්ඩාවේ ජනාධිපති යුවේරි මුසවේනි ගෙනි. මුසවේනි පස් වන වරට ත් ජනාධිපති ධුරයේ දිවුරුම් දීම වෙනුවෙන් උත්සවය ලබන 12 වන දා පැවැත්වීමට නියමිත සංදර්ශනයට සහභාගී වීම සඳහාය.

යුවේරි මුසවේනිද මෙරට බහුතර බුද්ධිමත් ජනතාව බලයෙන් නෙරපා පරාජය කොට ගෙදර යැවූ මහින්ද රාජපක්ෂට නොදැවිනි දූෂිත අයෙකි.

උගන්ඩාවේ වත්මන් ජනාධිපති යුවේරි මුසවේනි 1996 වසරේදී බලයට පත් වූ අතර එතැන් සිට අඛණ්ඩව 2001, 2006 වසරවල පැවති ජනාධිපතිවරණයන් ද ජය ගත් ඔහු 2006 වසරේදී එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් ධූරය දැරිය හැකි වාර ගණන වැඩි කර ගැනීමට පියවර ගත්තේය. එලෙස ඒකාධිපති අඩි පාරේ යමින් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති සහ රාජපක්ෂ රෙජීමයේ රෙජිමාධිපති මහින්ද රාජපක්ෂද තමාට ජනාධිපතිධුරයට පත්වීමේ වාර ගණන අනන්තය දක්වා වැඩි කරගත්තේය. එහෙත් මෙරට ජනතාවගේත් අප මාතෲ භූමියේත් වාසනාවට එම රෙජීමය සහ රෙජිමාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂව වසර දෙකකට පෙර බලයෙන් පහකර ගෙදර යැවීමට හැකි විය.

දශක 2ක කාලයක් උගන්ඩාව පාලනය කරන යුවේරි මුසවේනි රට ඒකාධිපති පාලනයක් කරා ගෙන යන බවට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන දිගින් දිගට ම චෝදනා එල්ලවන අතර ගරිල්ලා කණ්ඩායම් වෙත අවි සම්පාදනය කිරීම සම්බන්ධයෙන් මුසවේනිට එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් චෝදනා එල්ලවේ.

එසේම ඒකාධිපති පාලනයට අවශ්‍ය හමුදා බලය ශක්තිමත් කිරීම වෙනුවෙන් මුසවේනිගේ පුත්‍රයා වන මුහුසී උගන්ඩා හමුදාවේ විශේෂ බලකායේ අනදෙන නිලධාරියා ලෙස කටයුතු කරයි.

එවක ශ්‍රී ලංකාවේ ජනාධිපති සහ රාජපක්ෂ රෙජීමයේ රෙජිමාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ උගන්ඩාවේ ජනාධිපතිධුරයේ බලය තහවුරු කරගෙන ඇති යුවේරි මුසවේනි ආදර්ශයට ගනිමින් ඒ අඩිපාරේ ගමන් කළේ මෙසේය.

mara-vs-musa

2012 වසරේදී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරාධනයක් අනූව උගන්ඩා ජනාධිතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර රාජපක්ෂද 2013 වසරේදී එරට සංචාරය නිරත විය.

RSL

Related Posts