ජනතාව පිට බදු ගසා ඇමතිවරු කියන මැටි කතා

Spread the love

Ravi-and-harsha-fightවත්මන් ආණ්ඩුව බලය ගෙන එන ලද්දේ පැවති රාජපක්ෂ රෙජීමය ආණ්ඩුව දූෂිත නිසාත්, ජනතාවගේ මුදල් හොරා කෑ නිසා සහ තවත් ප්‍රධාන කරුණු කිහිපයක් නිසාවෙන් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

රාජපක්ෂවරු ජනතාවගේ මුදල් හොරා කන බව එදා විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂයම ජනතාවට කියූ අතර එම හොරා කන මාර්ගද පෙන්වා දුනි. එසේ පෙන්වා දී බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සහ එහි වගකිව යුතු ඇමතිවරු අද බදු මුදල් වැඩි කොට ජනතාවට කියන්නේ අමුම අමු මැටි මෝල්(ජනවහරේ වචනයකි) කතාවකි.

අද එජාපයේ අමාත්‍යවරු මාධ්‍ය හමු පවත්වමින් කියන්නේ, වැඩි කළ වැට් බද්ද රජයේ අවශ්‍යතාවයක් මත නොව රාජපක්ෂවරුන් හොරා කෑ මුදල් පියවා ගැනීමට බවයි. අපට ඇසීමට ඇත්තේ, වත්මන් රජය බලයට ගෙන ආවේ රාජපක්ෂවරු හොරා කෑ මුදල් මේ රටේ මුළු මහත් පොදු ජනතාවගෙන් බදු අයකර ගැනීමද? කියාය. එදා විපක්ෂයේ මාධ්‍ය හමු තුළ ආර්ථිකය ගැන ප්‍රස්තාර පෙන්වූ මහා ආර්ථික විශේෂඥයින්ගේ මොළගෙඩි දන්නේ බදු වැඩි කොට හොරකම් මුදල් සෙවීමටද?

එදා කැමරාකරුවන් සමඟ අහුමුළු සොයා ගොස් ලොකු ලොකු කතා කී වන් සොට් වන් ලා, මුඩුක්කු අස්සේ රිංගමින් නීති පොත් පෙරලමින් වගකිව යුත්තන් නීතිය හමුවට පමුණුවන්නට සිටි සුජීවලා අද කැමරා අල්ලන තැනකවත් නැත.

RSL

Related Posts