ආනයනික කිරිපිටිවල නැති ප්‍රමිතියක් සහතික කරන්න ඇමති රාජිත සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ එළියට බසී(වීඩියෝ)

Spread the love

ආනයනික කිරිපිටිවල මිනිස් පරිභෝජනයට නුසුදුසු විෂ රසායන ද්‍රව්‍ය සහ ඌරුතෙල් අඩංගු බවට හෙළිවීමත් සමඟ එම කිරිපිටිවලට නැති සහතික ලබාදෙමින් එම බහුජාතික සමාගම් වෙනුවෙන් පෙනීසිටීමට මින් පෙර තනිව ඉදිරිපත් වූ සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න මෙවර තම අමාත්‍යංශයේ අනෙකුත් නිලධාරීන්ද කැඳවමින් මාධ්‍ය හමු පවත්වමින් සිටී.

එලෙස පවත්වන මාධ්‍යහමු මඟින් ආනයනික කිරි පිටි සම්බන්ධයෙන් පැතිර යන කථාවල කිසිඳු වෛද්‍ය විද්‍යාත්මක සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඊයේ (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී තවත් එක් මාධ්‍ය හමුවක් කැදවා තිබුණේය.

එම මාධ්‍ය හමුව සදහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශය නිලධාරීන්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරීන් මෙන්ම රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් වද සම්බන්ධ කරගෙන තිබුණි.

මෙහිදී මාධ්‍යවේදීන් පෙරලා ප්‍රශ්න කරද්දී අමාත්‍යවරයාට කට උත්තර නොමැති කමින් යම් නුරුස්නා ස්වභාවයක් උද්දීපනය විය.