රාජපක්ෂවරු රහස් හමුවක; දේශපාලන සැලසුම්වල තීරණාත්මක වෙනසක් (විශේෂ)

Spread the love

Rajapaksha-Brothers22හිටපු ජනපති සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සිය ඉදිරි දේශපාලන සැලසුම්වල තීරණාත්මක වෙනසක් සිදුකිරීමට කටයුතු කරමින් සිටින බව මහින්ද රාජපක්ෂගේ අභ්‍යන්තර ආරංචි මාර්ග ‘රීඩ් ශ්‍රී ලංකා’ වෙත වාර්තා කරයි.

මෙම හමුවට මහින්ද, බැසිල්, ගෝඨා, නාමල් සහ ශෂේන්ද්‍ර යන රාජපක්ෂවරුන් සහභාගී වී ඇත. අතිශයින්ම රාජපක්ෂවරුන්ට පමණක් වන රහස් සාකච්ඡාවකදී ඉදිරි වෙනස්කම් සිදුකිරීමට රාජපක්ෂවරුන් එකඟතාවයකට පැමිණ ඇතැයිද වාර්තාවේ.

පසුගිය කාලයේ මහින්ද විසින් විවිධ දේශපාලන රැස්වීම් පවත්වමින් ජනරැල්ලක් පෙන්වීමට උත්සහ කළද ඒ සියල්ල අසාර්ථක විය. මේ හේතුවෙන් රාජපක්ෂවරුන් දැඩි කලකිරීමකට සහ භීතියකට පත්ව ඇති අතර රාජපක්ෂවරු පිළිබඳ ජනතා ආකර්ෂණය හීනවීමත් හේතුවෙන් මෙම තත්වය ත්‍රීව වී ඇත. රාජපක්ෂවරු වෙනුවෙන් එදා බැලමෙහෙවරකම් කළ අයවලුන් මේ වන විට අත් අඩංගුවට පත්ව සිටීමත් එම පරීක්ෂණවලදී රාජපක්ෂවරුන්ගේ නියෝගයන් යටතේ සිදුකළ දේවල් සාක්ෂි සහිතව අනාවරණය වීමත් ඔවුන්ට දැඩි අභියෝගයක් වී ඇත.

කෙසේ වෙතත් මහින්ද සහ රාජපක්ෂවරුගේ තම සමීපතමයින්ට සහ සහචරයින්ට නිරතුරුව පවසමින් සිටින්නේ, ‘අපි මැදමූලන රාජපක්ෂලා. අපි පැරදිලා බැහැලා යන උන් නොවෙයි, ලෙයට ලේ තියලා ගේම දෙන උන්’ ලෙසටය.

මෙයින් තවදුරටත් ගම්‍ය වන්නේ රාජපක්ෂවරු තවමත් බලය වෙනුවෙන් සිහින දකිමින් ඒ වෙනුවෙන් ඕනෑම පාදඩ වැඩක් කිරීමට සූදානමින් සිටින බවය. මීට ඉහතදී අවස්ථා කිහිපයකදී රාජපක්ෂවරුන් විසින් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ඝාතනය කිරීමට සැලැසුම් කොට තිබූ අතර සමහරකින් එතුමා බේරුණු අතර තවත් සැලැසුම් අනාවරණය වීමෙන් වැලකී ගියේය.

RSL

Related Posts