මිනීමරු ගෝඨා කට්ටි පනිමින් නිදැල්ලේ සිටියත්, පූජිත්ට හේමසිරිට බේරෙන්න බැරිවෙයි! අත්අඩංගුවට පත්වෙයි (වීඩියෝ)

Spread the love

පෙර පැවති ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියා නොහොත් ගහලයා ලෙස ප්‍රකටව සිටි කුප්‍රකට මීනිමරු ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට පත් නොවී විවිධ උප්පරවැට්ටි යොදාගනිමින් අධිකරණයෙන් කට්ටි පැනමින් සිටියත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දරට එසේ කට්ටි පනිමින් අත් අඩංගුවට පත් නොවී බේරීමේ අවස්ථාවක් උදා වී නැති අතර පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයට අදාළව පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා යන දෙදෙනා රෝහල්ව සිටියදී රෝහලේදීම අත් අඩංගුවට ගෙන ඇත.

නාරහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මීට ටික වේලාවකට පෙර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

එසේම පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයට අදාලව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද(02) පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණි.

කෙසේවෙතත් ඇති වූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා අද උදෑසන කොළඹ ජාතික රෝහලේ හෘද විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුළුත් කෙරුණි.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

RSL

Related Posts