මුහුණු ආවරණ තහනම් කිරීමට ජනපතිගෙන් නියෝග! එහෙත් අදාළ ගැසට් නිවේදන තවම නිකුත් වී නැහැ?

Spread the love

ජාතික හා මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මෙරට තුළ ජනතාවගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට බාධාවක් වන සියලුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි අද(29) සිට හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.

මෙහිදී අනන්‍යතාව තහවුරු කිරීමේ මූලික නිර්නායකය වන්නේ පුද්ගලයකුගේ මුහුණ පැහැදිළි ලෙස නිරාවරණය කිරීමේ අවශ්‍යතාව බව එම නියෝගය තුළින් තව දුරටත් පැහැදිළි කර තිබේ. රටේ ජාතික ආරක්ෂාව මෙන්ම කිසිදු ජන කොටසක් අපහසුතාවට පත් නොවන සාමකාමී සහ සහජිවනයෙන් යුත් සමාජයක් ඇති කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම තීරණයට එළඹ ඇත.

එහෙත් ජනාධිපතිවරයා විසින් තමා වෙත පැවරී ඇති හදිසි නිතී බලතල යටතේ සිදුකොට ඇති මෙම නියෝග බලාත්මක කිරීමට අදාළ ගැසට් නියෝග මෙතෙක් නිකුත් වූ බවට වාර්තා නොවේ. එම නිසා වහාම ඊට අදාළ ගැසට් නිවේදන අදාළ අංශ විසින් වහාම නිකුත් කිරීම නීතිය ක්‍රියාත්මක කරන අංශවලට අතිශය වැදගත් වේ.

තවද මෙම හදිසි නීතිය යටතේ පැනවෙන නියෝග, හදිසි නීතිය ඉවත් වීමත් සමඟ ඉබේම අහෝසි වී යන එහෙයින් රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් වහාම අදාළ නීති කෙටුම්පත් කොට ස්ථාපනය කිරීමට අදාළ අංශ වහාම පියවර ගත යුතුය.

RSL

Related Posts