පුහුල් හොරා තිරෙන් පෙනුන.. අහේතුක ප්‍රහාරය ප්‍රශ්න කරන ප්‍රශ්න පත්‍රයක්!

Spread the love

පාස්කු දිනය දා මෙරට කිතුණු දේවස්ථාන තුනකට සහ තරු පහේ හෝටල් තුනක් ඉලක්ක කරගනිමින් සිදු වූ මිලේච්ඡ මරාගෙන මැරෙන පිපිරීම්වල වගකීම මුස්ලිම් අන්තවාදී ජාත්‍යන්තර සංවිධානයක් ලෙසට පෙනී සිටින අයි.එස්. සංවිධානය භාරගත් බවට මෙරට ජනාධිපති අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් සිටින අයෙකු වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් වැඩකටයුතු කරන මාධ්‍ය හිමිකරුවෙකුට අයත් මාධ්‍ය ආයතනයක් විසින් මුල් අවස්ථාවේ සිට දැඩි ප්‍රචාරයක් ලබා දුන්හ.

එහෙත් මේ වන විට ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇති තොරතුරු අනුව මෙම ප්‍රහාර පිටුපස සිටින්නේ මෙරට ක්‍රියාත්මක ඉස්ලාමීය සංවිධානයක් වන තව්හීඩ් ජමාත් සංවිධානයෙන් වෙන්ව කියේ යැයි පවසන ජාතික තව්හීඩ් ජමාත් නැමැති සංවිධානයක් බවයි. ඔවුන් විදෙස් රටකදී රූගත කරන ලද බවට මුලදී සැක කරන ලද ඇතැම් වීඩියෝ පටවල ජවනිකා සඳහා යොදාගත් පසුබිම් තිර රෙදි සහ ඇඳුම් කාත්තන්කුඩි ප්‍රදේශයේ ගරාජයකින් හමුවී තිබුණේ තවත් බොහෝ දෑ සමඟය.

අප කවර ආකාරයේ ජාතිවාදයකට, ආගම්වාදයකට, අන්තවාදයකට, ත්‍රස්තවාදයකට දිවි හිමියෙන් විරුද්ධ වන්නෙමු. එම නිසා අප කිසිඳු දේශීය හෝ විදේශීය ත්‍රස්තවාදී සංවිධානයක් අනුමත කරන්නේ හෝ ඒ වෙනුවෙන් පෙනී නොසිටින්නෙමු. එසේම ලොව පිළිගත්, ලේබල් වැඳුණු ත්‍රස්තවාදී සංවිධානයක් කෙතරම් මිලේච්ඡ වුවද ඔවුන් යම් ත්‍රස්ත ක්‍රියාවක් සිදුකිරීමට පෙර සහ පසුව අනුගමනය කරන සම්ප්‍රදායික, පිළිගත් ක්‍රමවේදයක් පවතී.

අද වන විට මෙම මිලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් අපට මෙන්ම රටේ ජනතාවට ඇති සරල සාධාරණ ප්‍රශ්න කිහිපයක් ඇත.

01. අයි.එස්. සංවිධානය වැනි ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදී සංවිධානයක් ශ්‍රී ලංකාව වැනි ඉතා කුඩා දූපතක, සමස්ත ජනග්‍රහණයෙන් 6%-7% ක් වැනි කිතුණු ජනතාවක් ඉලක්ක කරමින් මෙවැනි ප්‍රහාරයක් ඉල්ල කරන්නේ කුමන පදනමකින්ද..?

02. මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට පෙර ඔවුන් තම ආගමේ නාමයෙන් තම ප්‍රතිවිරුද්ධ ආගමික කණ්ඩායම්වලින් සිදුකළ ඉල්ලීම හෝ අනතුරු ඇඟවීම කුමක්ද..?

03. එවැනි ජාත්‍යන්තර ආගමික ත්‍රස්තවාදී කණ්ඩායමකට පෙරට කිතුණු ජනතාව සමඟ තිබුණු ආරෝව කුමක්ද..?

A. ලොව පිළිගත් ඉහළම කිතුණු නායකයින් මෙරට සිටීම?

B. මුස්ලිම් ත්‍රස්තවාදයට එරෙහිව හෝ ආගමට එරෙහි ව්‍යාපාරයන් සඳහා මුදල් පොම්ප කරන ධන කුවේරයන් මෙරට සිටීම?

C. ඉස්ලාමයට එරෙහි කිතුණු ක්‍රියාකාරීන් වෙසෙන රාජ්‍යයක් වීම?

D. ජනගහණයෙන් බහුතරය කිතුණුවන් වීම?

— මේ කරුණු සියල්ලටම පැහැදිලි ප්‍රශ්නාර්ථකාරී පිළිතුර “නැත” යන්නයි—

04. නවසීලන්තයේ සිදු වූ එක්තරා ප්‍රහාරයකට කිතුණුවන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ශ්‍රී ලංකාව වැනි කිසිඳු ඉස්ලාමීය විරෝධයක් නොදක්වන 69%ක් බෞද්ධයින් වෙසෙද්දී 6% ක කිතුණු ආගමිකයින් ඉලක්ක කරගත් ප්‍රහාරයක් සිදුවන්නේ කුමන පදනමකින්ද..?

05. එය සිදුකළේ අයි.එස්. ඉස්ලාමීය ආගමික ත්‍රස්තවාදී සංවිධානය කිතුණු ආගමිකයින් ඉලක්ක කරගනිමින් නවසීලන්ත ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර වශයෙන් නම්, මෙරට තරු පහේ සංචාරක හෝටල් ඉලක්ක කරගත්තේ කුමන පදනමකින්ද..?

06. ඇතැම් බෞද්ධ අන්තවාදී සංවිධානය වලින් විවිධ බලපෑම් මෙරට ඇතැම් ඉස්ලාමීය අන්තවාදී සංවිධානය වලට සහ ජනතාවට එල්ල වුවද, කිතුණු ආගමික ජනතාවගෙන් මෙතෙක් අඹමල් රේනුවක තරම් සිදුවීමක් එල්ල නොවුණ පසුබිමක, ලොව ප්‍රබලම ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදී සංවිධානය විසින් තම ආගමික ජනකොටසටත් වඩා සුළු ජනකොටසකට ප්‍රහාර කිරීමේ පදනම කුමක්ද..?

07. මෙලෙස ජාත්‍යන්තර ත්‍රස්තවාදී සන්ධානයක් දූපත් රාජ්‍යයක සිටින ඉතා සුළු ආගමික කොට්ඨාශයකට අහේතුකව ප්‍රහාර එල්ල කිරීමේ පදනම කුමක්ද..?

08. මීට පෙර ලොව රටවල් කිහිපයක ත්‍රස්තවාදී ප්‍රහාර සිදුකොට පැය කිහිපයක් ඇතුලත එම ප්‍රහාරයන්ගේ වගකීම භාරගත් එම ත්‍රස්තවාදී සංවිධානය මෙම ප්‍රහාරය සිදුකළේ නම් එහි සාර්ථකත්වය සහ වගකීම නිලවශයෙන් භාර නොගෙන සිටීමේ පදනම කුමක්ද..? (මීට පෙර මෙරට පැවති එල්ටීටීඊ කොටි ත්‍රස්තවාදීන් පවා තමන් කළ සියලු ප්‍රහාරයන්ගේ වගකීම පැය 24 ක් යාමටත් මත්තෙන් නිල වශයෙන් භාරගත්හ )

09. අප දන්නා තරමින් අයි.එස්. ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදී සංවිධානය මීට පෙර ලොව වෙනත් රටවල සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයකින් පසු පැය කිහිපයක් තුළ මෙලෙස රොතු බුරුතු පිටින් ඊට සම්බන්ධ අය අත් අඩංගුවට පත්වී නැත. මීට පෙර කොටි ත්‍රස්තවාදීන් සිටි සමයේ පවා ප්‍රහාරයකට ඊට සම්බන්ධ පිරිස් හඳුනාගැනීමට සහ ඔවුන් අත් අඩංගුවට ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට වූහ. එහෙත් මෙහි තත්වය ඉඳුරාම වෙනස් වන්නේ කුමන අයුරකින්ද..?

10. අහේතුකව සිදු කළ ප්‍රහාරයක වගකීම අහේතුකවම භාරගත් ජාත්‍යන්තර හෝ දේශීය ත්‍රස්තවාදී සංවිධාන මින් පෙර පැවතියේද..? පවතින්නේද..?

අප මෙසේ ප්‍රශ්න කරමින් මතු කළේ අපගේ පෞද්ගලික ප්‍රශ්නයක් නොව, නොසිතූ නොපැතූ මොහොතක අහේතුකව සිදු වූ සැලැසුම් සහගත මිලේච්ඡ ප්‍රහාර මාලාවක් එල්ල වූයේ කුමන පදනමකින්, කුමක් අරභයාද යන රටේ මුළුමහත් පොදු ජනතාවට ඇති ප්‍රශ්නාර්ථය මූලික කරගනිමිනි.

මෙවැනි ප්‍රශ්නාර්ථකාරී අවස්ථාවක රටේ තීරණාත්මක දේශපාලන ඉලක්කයක් සහිත පුද්ගලයෙකු වෙනුවෙන් පෙනී සිටින මාධ්‍ය ආයතනයක් නිරන්තරයෙන් මෙම ප්‍රහාරය ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයක් මත පැටවීමට දරණ උත්සහය දෙස බැලූ කළ “පුහුල් හොරා කරෙන් කරෙන් පමණක් නොව තිරයෙන්ද හොඳින්ම පෙනුණු බව නම් සැබෑය.

ආශ්‍රිත පුවත්: ‘පාස්කු ප්‍රහාරය පිටුපස අභ්‍යන්තර කථාව’ හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුගේ අද්වීතිය අනාවරණය

RSL

Related Posts