රුසියාවේ සිට පැමිණි පසු ජනපති වෙනසකට මුල පුරයි

Spread the love

කවුරු කැමැති වුවත්, අකමැති වුවත් ඉදිරි දෙසතිය තුළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ආර්ථික හා දේශපාලනික වශයෙන් ඉතාමත් තීරණාත්මක සහ දැඩි තීන්දු කිහිපයක්‌ ගනු ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (23) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එසේම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ස්‌ථාවරත්වය ඇති කිරීමට දැඩි තීන්දු කිහිපයක්‌ ද එම කාලසීමාවේදී ජනාධිපතිවරයා විසින් ගනු ඇති බවත් මෙම තීන්දු ඇතැමුන්ට තිත්ත විය හැකි බවත් මුදල් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ප්‍රජාතන්ත්‍රවාදී ගුණය පිළිබිඹු කරමින් දෙවසරක කාලයක්‌ යහපාලන රජයේ බොහෝ කටයුතුවලට ඉඩ දී සිටි බව පැවසූ ලක්‍ෂ්මන් යාපා මහතා ඉදිරි සිවු වසරක කාලය තුළ සියලු ක්‍ෂේත්‍රයන්හි ස්‌ථාවරත්වයක්‌ ඇති කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක්‌ බවත් කියා සිටියේය.

රටේ මතුවී ඇති ඇතැම් ආර්ථික ගැටලුවලට මුදල් අමාත්‍යාංශය වගකිවයුතු බව පිළිගත් මුදල් රාජ්‍ය ඇමැතිවරයා ජනාධිපතිවරයාගේ ඉදිරි තීරණවලින් පසු ඒවා නිවැරැදි වනු ඇතැයි විශ්වාසය පළ කළේය.

RSL

Related Posts