“ත්‍රිපිටකාභිවන්දනා” සමඟ එක්වූ ශාන්ත අන්තෝනි මුනිඳුන්..
- RSL
- March 19, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Buddhist, Tripitaka World Heritage, Tripitakaya
- 0 Comments
උතුරේ බෞද්ධයන් වෙසෙන්නේ ඉතා අල්පයක් වුවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ජනාධිපති කාර්යාලය මඟින් ක්‍රියාත්මක ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ ක්‍රියාවලියේ ‘ත්‍රිපිටකාභිවන්දනා’ ජාතික වැඩසටහනට උතුරේ බෞද්ධ ජනතාවගෙන් මෙන්ම වෙනත් ආගම්වල බැතිමතුන්ගෙන්ද විශාල සහයක් ලැබෙමින් පවතී.
ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ ක්‍රියාවලියේ ‘ත්‍රිපිටකාභිවන්දනා‘ ජාතික වැඩසටහනට සමගාමීව මන්නාරම කලාපයේ රාජ්‍ය ආයතනවල සිංහල දමිළ හා මුස්ලිම් නිලධාරීන් එක්ව පිණ්ඩපාතයෙන් වැඩම කරන ලද භික්ෂූන්වහන්සේලා විෂයෙහි දානය පිරිනැමීමේ හා ධර්මදේශනා වැඩසටහනක් මන්නාරම මුරුන්කන් පුරාණ විහාරස්ථානයේදී සංවිධානය කොට තිබුණි.
මේ අවස්ථාවට සහභාගී වී සිටි සියලුම ජාතීන්ට හා විවිධ ආගම්වලට අයත් රාජ්‍ය නිලධාරීන් ඉතා උනන්දුවෙන් භික්ෂූන් වහන්සේට දන් පිළිගැන්වීම උවැටන් කිරීම ඇතුළු සියලු දේ සිදු කිරීම විශේෂ සිද්ධියක් විණි.
මීට අමතරව ත්‍රිපිටකාභිවන්දනා සතියට සමගාමීව වවුනියා රෝහලේ නේවාසික ගිලනුන් හට දිවා ආහාරය ලබා දීමේ වැඩසටහනක්, මැදගම ජුමෙයිරාහ් ලංකා පුද්ගලික ඇගළුම් සමාගමේ සේවක මහත්ම මහත්මියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ ධර්ම දේශනාවක් සහ දිවයිනේ සියලුම පාසැල් ආවරණය වන පරිදි වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක විය. හෙට ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහනේ 05වන දිනයයි.
