ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට විද්‍යුත් මාධ්‍ය ආයතනයක පහළ සේවකයන් පමණක් නොව නිෂ්පාදක අධ්‍යක්ෂ වරුන්ද ඇතුළුව සියයට අනූනවයක්ම පාහේ වැඩ වරමින් ඉතා සාර්ථක විරෝධතාවයක් දියත් කර තිබේ. ඒ ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයයි.
ස්වර්ණවාහිනියේ ප්‍රධාන විධායක නිලධාරී මහේන් පෙරේරා නමැත්තා අගමැතිවරයාගේ ද නම විකුණමින් ගෙන ගිය සේවක මර්දනයේ උච්ඡතම අවස්ථාවක් අද පාන්දර හිටි අඩියේ සිදුකර තිබිණ. ඒ නම් සේවකයන් 15 දෙනෙකු නම් සඳහන් නිවේදනයක් ආයතනය ඉදිරිපස ගේට්ටුවේ අලවමින් ඔවුන්ගේ වැඩ තහනම් කර ඇති බැවින් ආයතනය තුලට ඇතුළු වීම තහනම් යැයි දැනුම් දීමයි. ආරක්ෂකයෝ ඔවුනට ඇතුළුවීමට ඉඩ දී නැත. එකී සේවකයන් අතර අද උදෑසන සජීවී වැඩ සටහන් විකාශය කරන තාක්ෂන නිලධාරීන්ද සිටියහ. ඒ අනුව උදේ සජීවී වැඩ සටහන් විකාශය කර නැත.
අගමැතිගේ මිනිහෙක් කියා සුබාස්කරන් මුලා කරයි
ඊඒපී සමාගමට අයත්ව තිබූ ස්වර්ණවාහිනිය පසුගියදා අලුත් ව්‍යාපාරිකයෙකු විසින් මිලදී ගත්තේ ය. ඔහු නම් සුබාස්කරන් අලිරාජා නමැති බ්‍රිතාන්‍යයේ ප්‍රකට ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකි. ඔහුට අයත් ‘ලයිකා මොබයිල්’ නම් දුරකථන සමාගම බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සන්නිවේදන සමාගමකි. ඔහුට අයත් ව්‍යාපාර ඉන්දියාවේ ද තිබේ. ඊබීසී සමාගම නමින් ඔහු ස්වර්ණවාහිනිය මිලදී ගැනීමටත් පෙර සිට මහේන් පෙරේරා නමැත්තා මෙහි ප්‍රධාන විධායක ධූරය දරමින් සේවකයන් ගේ ද වැටුප් දීමනා පවා කපා දමමින් තමන්ගේ වැටුප් වැඩි කර ගනිමින් ලිංගික අල්ලස් ලබා ගනිමින් සිටියේ ය. නව පාලනය යටතේ දී ඔහු අයිතිකරුවන් ගොනාට අන්දාගෙන තිබුනේ තමන් අගමැතිවරයාගේ ‘මිනිහෙක්’ බැවින් තමා ඉවත් කළහොත් අගමැතිගේ වෛරයට ලක්විය හැකි බව පවසමිනි.
මාසික වැටුප රුපියල් කෝටියයි
මොහුගේ සේවක මර්දනයේ තරම කොතෙක්ද යත් ඈත කඳු මුදුන් වල පිහිටුවා ඇති විකාශ කුළුණු වල සේවය කරන අයෙකුට ගෙවන්නේ රුපියල් 30,000 ක සොච්චම් වැටුපකි. වෙනත් දීමනා නිසා යාන්තම් ජීවිතය අටවා ගෙන සිටිති. මොහු මෑතකදී ඒ දීමනා පවා කපා දැමුවේ ය. නමුත් ඔහුගේ මාසික වැටුප ලංකාවේ ඉහලතම වැටුපකි. එය සියලු දීමනා සහිතව රුපියල් කෝටියකට ආසන්න යයි කීවහොත් යමෙක් නොපිළිගනු ඇති නමුත් සත්‍යය එයයි.
නාරි මාංශයම ඉල්ලයි
ස්වර්ණවාහිනීයේ ඇහැට කනට පෙනෙන තරුණියක් වේ නම් මහේන් පෙරේරාගේ ලිංගික අල්ලස් ගොදුරක් වීම වැළැක්විය නොහැකිය. ඔහු ඒ තරම් නාරි මාංශයම ඉල්ලන මස් වැද්දෙකි. ආයතනයේ ආදායම් වලින් ගසා කන මොහු නිසා ස්වර්ණවාහිනිය යන්නේ වළ පල්ලට බව මෙහි වසර 20 ක් පමණ කාලයක් තිස්සේ සේවය කරන, ආයතනයට ප්‍රේම කරන මාධ්‍යවේදීන්ට මාධ්‍ය සේවකයන්ට තේරුම් ගොස් තිබිණ.
ඒ අනුව පසුකාලයේ ඔව්හු ආයතනය රැක ගැනීමේ අරමුණින් එකතු වී වෘත්තීය සමිතියක් ලියා පදිංචි කර ගත්හ. මීට දින කිහිපයකට පෙර ඔව්හු රැස්වී ආයතනය විනාශයෙන් ගොඩ ගැනීමට තීන්දු කළහ. ඒ රැස්වීමට ආයතනයේ සේවය කරන 350 ක් සේවකයන්ගෙන් අති බහුතරයක් වූ 270 ක් දෙනා සහභාගී වීමෙන්ම පාලනාධිකාරය කෙරෙහි ආයතනයේ සේවකයන්ගේ හැඟීම තේරුම් ගත හැකිය. සේවකයන් 15 දෙනෙකු අද පාන්දර හිටි අඩියේම වැඩ තහනම් කරන ලද්දේ මේ රැස්වීමෙන් පසුව ය.
ඉතිහාසයේ ප්‍රථම වරට…
අද උදෑසන සිද්ධියෙන් පසු කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් කළ සේවකයෝ වැඩ වර්ජනයක් ආරම්භ කළහ. ඒ අනුව මේ වන විට ස්වර්ණවාහිනියේ කිසිදු සජීව වැඩ සටහනක් ක්‍රියාත්මක වන්නේ නැත. පටිගත කළ වැඩ සටහන් පමණක් විකාශය කරති. මෙවැනි සිදුවීමක් ලංකාවේ විද්‍යුත් මාධ්‍ය ඉතිහාසයේ කෙදිනකවත් සිදුව නැත.
මෙකී මාධ්‍යවේදී, මාධ්‍ය සේවක මර්දනයට එරෙහිව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයද අද නිවේදනයක් නිකුත් කර තිබේ. එහි මෙසේ දැක්වේ.
ස්වර්ණවාහිනි රූපවාහිනි මාධ්‍ය සේවකයින් පිරිසක‍් සේවයෙන් පහ කිරීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකියි -නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිතියක් පිහිටුවීමට මුල් වු මාධ්‍ය සේවකයින් පිරිසක ගේ සේවය අත්හිටුවීමට ස්වර්ණවාහිනි ආයතනයේ පාලන අධිකාරිය වන ඊ.බී.සී. සමාගම ගත් තීරණය ජන මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය සේවකයින්ට සංවිධානය වීමට තිබෙන අයිතිය උල්ලංඝණය කිරීමක් ලෙස සලකමින් එම තීරණය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකියි.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත ලැබී ඇති තොරතුරු වලට අනුව 2019 මාර්තු 18 වන දින ගාලු පාරේ පිහිටි ස්වර්ණවාහිනී මුලස්ථාන රථ ගාලේ දහවල් 12.00 ට පමණ පැවැති රැස්වීමකට සහභාගි වු ජනමාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයින් අතරින් පහළොස් දෙනෙකු ගේ සේවය එහි පාලන අධිකාරිය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.
ඔවුන් සේවයෙන් පහ කිරීමේ ලිපියෙහි මෙම රැස්වීම නිසා සිය ආයතනයේ දෛනික කටයුතු වලට බාධා පැමිණි බවත්, රැස්වීමට සහභාගි වු සේවකයින් නියමිත වේලාවට සිය රාජකාරි ස්ථාන වලට වාර්තා කිරීමට අපොහොසත් වු නිසාත් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන් සේවයෙන් පහ කරන බව සදහන් කර ඇත.
පසුගිය දශක දෙක තුළ මාධ්‍ය කර්මාන්ත ක්ෂේත්‍රයේ විශාල වර්ධනයක් සිදුවු අතර ඊට සමානුපාතිකව එම කර්මාන්තයන්හි සේවයේ නියුතු ජනමාධ්‍යවේදීන් ගේ හා මාධ්‍ය සේවකයින් ගේ සංඛ්‍යාවද ඉහළ ගිය නමුත්, ඔවුන්ගේ සේවා තත්ත්වයන් ඉහළ නැංවීමට පාලන අධිකාරීන් උත්සුක නොවු බව ඉතා පැහැදිලි කාරණයකී.
ජන මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයින්ගේ වෘත්තීමය වශයෙන් සංවිධානයවීමේ අයිතිවාසිකම් ඇතුලු අනෙක් සේවක අයිතිවාසිකම් කුමන හේතුවක් නිසා වත් කේවල් කිරීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අනුමත නොකරයි. සේවයෙන් පහ කළ ජනමාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයින් වහාම නැවත සේවයේ පිහිටුවා ඔවුන්ට වෘත්තීමය වශයෙන් සංවිධානය වීමට තිබෙන අයිතියට ගරු ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ස්වර්ණවාහිනි පාලනාධිකාරියෙන් ඉල්ලා සිටියි.
උපුටා ගැනීම: ලංකා ඊ නිව්ස්