ජනපතිගේ ඕස්ට්‍රේලියානු සංචාරයේ සුවිශේෂී අවස්ථා (Photos & Video)

Spread the love

ඕස්ට්‍රේලියානු අගමැති ටර්න්බුල් මහතාගේ විශේෂ ආරාධනාවකට අනුව තෙදින නිල සංචාරයක්‌ සඳහා දිවයිනෙන් පෙරේදා(23 වැනිදා) පිටත් වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (24 වැනිදා) පෙරවරුවේ කැන්බරා නුවරට ළඟාවීය.

මෙලෙස ජනාධිපතිවරයා ඔස්ට්‍රේලියාව ලගා වූ ගුවන්යානයේදී හර්ෂද සිල්වා මහත්මා ලබාගත් ජායාරුපයක් සමාජ ජාලා වල දැඩි කතාබහටද ලකිවිය.එම ජයාරුපයේ දැක්වුණේ ජනාධිපතිවරයා සාමාන්‍යය මගියෙකු සමග අනෙක් අසුනේ ගමන් ගන්නා ජයාරුපයකි.

රාජ්‍යය නායක සංචාරයක් සදහා ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රථම නිල ආරාධනය මෙය ලෙස වාර්තාවේ.

මීට පෙර 1954 වසරේ දී හිටපු අග්‍රමාත්‍යවරයෙකු වු ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා ඔස්ට්‍රේලියානු රජයෙන් ලද ආරාධනයක් මත එහි නිල සංචාරයක නිරත වී තිබේ.

එහෙත් එවකට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා වශයෙන් සලකන ලද්දේ බ්‍රිතාන්‍ය මහ රැජිණ වු හෙයින් ජෝන් කොතලාවල මහතාට රාජ්‍ය සංචාරයක් සඳහා අවස්ථාව නොලැබුණු අතර එය සලකන ලද්දේ නිල සංචාරයක් ලෙසටය.

කැන්බරා නුවර පිහිටි විද්‍යා හා නවෝත්පාදන රුක් රෝපණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

උද්‍යානය වෙත පැමිණි ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ එම ප්‍රාන්තයේ නීතිපති Gordon Ramsay සහ උද්‍යානයේ අධ්‍යක්ෂ Scote Saddler යන මහත්වරුන් විසිනි.

සිය සංචාරය සනිටුහන් කරමින් උද්‍යානයේ මහෝගනී පැළයක් ද රෝපණය කළ ජනාධිපතිතුමා විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.
ඉන් පසුව ජනාධිපතිවරයා ඊයේ (24) පෙරවරුවේ කැන්බරා නුවර පිහිටි සූර්ය බලශක්ති බලාගාරයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

සංචාරක හා ක්‍රිස්තියානු කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්තී්‍ර හර්ෂණ රාජකරුණා, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුථ ශ්‍රී ලංකා නියෝජිත පිරිස ද මෙම අවස්ථාවට එක් විය.

ජනාධිපතිවරයා අද පස්‌වරුවේ කැන්බරා නුවර පිහිටි කාට්‌බා බෞද්ධ විහාරයට ද යැමට නියමිත අතර ඉන් අනතුරුව කැන්බරාහි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේදී ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ හමුවකට ද එක්‌ වෙයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මෙම රාජ්‍ය සංචාරය පිළිබඳ මාධ්‍ය වෙත අදහස්‌ දැක්‌වූ ඔස්‌ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ සෝමසුන්දරම් ස්‌කන්ධ කුමාර් මහතා පැවසුවේ මෙම සංචාරය දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල සුවිශේෂී සන්ධිස්‌ථානයක්‌ වනු ඇති බවයි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සංචාරය දෙරට අතර මිත්‍රත්වය සහ සහයෝගිතාව තවදුරටත් ශක්‌තිමත් කරගැනීමට මෙන්ම ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ද ඉතා වැදගත් වනු ඇතැයි ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාගේ ඔස්‌ට්‍රේලියානු නිල සංචාරයට සංචාරක හා ක්‍රිස්‌තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග, විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා, විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්‍ෂ ජනරාල් ශාන්ත බණ්‌ඩාර යන මහත්වරු ද එක්‌වෙති.

[youtube 40TpTLPWIxQ]

 

RSL

Related Posts