‘ත්‍රිපිටකය’ ජාතික උරුමයක් බවට පත්කිරීමේ සැලසුමක්!

Spread the love

සිංහල බෞද්ධ සහ සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේම අතිඋතුම් පාර්ශුද්ධ ග්‍රන්ථය වූ නිර්මල බුද්ධ වචනය අන්තර්ගත “ත්‍රිපිටකය” ජාතික උරුමයක් බවට පත්කිරීමේ සැලසුම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන බවට වාර්තාවේ.

අද දවසේ ලංකාවේ අප සතුව ඇති පාලි ත්‍රිපිටකය මේවනවිට ලෝකයේ සිදු ව ඇති ශ්‍රාස්ත්‍රිය පර්යේෂණ වලට අනූව මුල් බුදුදහම විශ්වසනීය ලෙස නියෝජනය කරන්නක් බව සැලකිය හැකි ය.

ත්‍රිපිටකයේ කුඩා ම කොටස වන විනය පිටකයේ භික්ෂූ ප්‍රජාවට අදාල විනය අන්තර්ගත වන අතර දෙවන කොටස ආචාර් ධර්ම පිළිබද කතිකාව ගෙන හැර දක්වයි.මෙහි ගාම්භිර මෙන් ම වැදගත් ම කොටස ලෙස සැලකිය හැකි වන්නේ අභිධර්ම පිටකය යි.මෙය ථෙරවාදීන් හා සර්වාස්තිවාදීන් අතර පමණක් පිළිගැනීමට ලක් වූ ධර්මට පිළිබද ගැඹුරුම කොටස යි.

මේ අතර ත්‍රිපිටකය මූලික ලෙස භෞතික ගණයට අයත් වන ජාතික උරුමයක් ද වේ.මෙහිදී විශේෂයෙන්ම ජාතික යන්න මේවනවිට ශ්‍රි ලාංකික යන පුළුල් යෙදුමට පර්යාය වචනයක් ලෙස යොදා ගනී.මෙය බෞද්ධයාට පමණක් අදාල නොවේ.පරපුරෙන් පරපුරට දායාද කළ හැකි සහ එසේ කළ යුතු සංස්කෘතික උරුමයේ කොටසක් ලෙස මේ මහා ඥාන සම්භාරය පිළිගැනිමෙන් බෞද්ධ නොවන කිසිදු සමාජයකට අවැඩක් නොවේ.මහා දැනුමේ මූලාශ්‍රයක් ලෙස හදුන්වන මෙම ත්‍රිපිටකය වෙළුම් පෙලක් ලෙසින් ද ඇත.

විනයගරුක මෙන්ම ඥානයෙන් පිරිපුන් ශික්ෂිත සමාජයක් සදහා මෙම ත්‍රිපිටකයේ බලපෑම බෙහෙවින් ඉවහල් වේ. මේ මොහතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ත්‍රිපිටකය ජාතික උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ මේ වනවිට ත්‍රිපිටකය සම්බන්ධයෙන් එකිනෙක කණ්ඩායම් හා පුද්ගලයින් සිදු කරනු ලබන විකෘති අර්ධ විවරණ නිසා බුදුදහම අවභාවිත වීම වැලැක්වීම සදහා වන බවට වැඩිදුරටත් තොරතුරු වාර්තාවේ.

RSL

Related Posts