උතුරේ ජනතාවගෙන් වැඩි දෙනකුගේ ඇඟේ දුවන්නේ රණවිරුවන්ගේ ලේ

Spread the love

යුද සමයේදී රට වෙනුවෙන් ලේ හෙලූ රණවිරුවන් අද ජනතාව ජීවත් කරවීමට තම ලේ දන් දෙනවා. උතුරේ ජනතාවගෙන් වැඩි දෙනකුගේ ඇඟේ දුවන්නේ රණවිරුවන්ගේ ලේ බව උතුරු පළාත් ආණ්‌ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා යාපනයේදී කියා සිටියේය.

ආණ්‌ඩුකාරවරයා මේ බව කියා සිටියේ උතුරු පළාත් 08 වැනි රණවිරු සමරුවට පලාලි ගුවන් හමුදා කඳවුරේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි. මෙම අවස්‌ථාව සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්‌ටිආරච්චි, කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන මහතා රණවිරු සේවා අධිකාරියේ නිලධාරීන් රණවිරුවන් ඇතුළු විශාල පිරිසක්‌ සහභාගි වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ උතුරු ආණ්‌ඩුකාරවරයා “අද අපි මේ සමරන්නේ කුලයක, ජාතියක, ආගමක හෝ ප්‍රදේශයක ජයග්‍රහණයක්‌ විදියට නෙමෙයි. මනුෂ්‍යත්aවයේ ජයග්‍රහණයක්‌ විදිහටයි. එදා රණවිරුවන් කළ රාජකාරියට වැඩි යමක්‌ අද කරන්න වෙලා තියෙනවා. ඒ අද රටේ ආර්ථිකය දියුණු කරන්න කැප වෙන්aන වෙලා තියෙනවා.

ජනාධිපතිවරයාට ලැබුණු වරම තමයි සංහිඳියාව ගොඩනැඟීම. හමුදාවන්ගේ නායකයා එතුමා. හමුදාව කැප වෙන්නේ අද මේ සංහිඳියාව වෙනුවෙනුයි. අද ආයුධ ඇතිව ආයුධ නැතිවා සේ මේ හමුදාව සිදුකරන කැප කිරීම ඉතාමත් ප්‍රසංශනීයයි. එදා මේ රට ජාතිය වෙනුවෙන් ලේ හැලුවා. අද ඒ බේරාගත් ජනතාව ජීවත් කරවන්න ලේ දන්දෙනවා.

අද වෙනකොට අහන්න ලැබෙනවා ජනාධිපතිතුමා ජාතිය පාවාදෙනවා කියලා, තවත් අතකින් කියනවා එතුමා රටේ ආරක්‍ෂාව ගැන හිතන්නෑ කියලා. නමුත් මම කියනවා එතුමා කිසි විටෙක මේ රටේ ජාතික ආරක්‍ෂාව ගැන ගතයුතු නිසි පියවරයන් ගැනීමට පසුබට වන්නේ නෑ. දුර්වල කරන්නේ නෑ. ඒවා තවත් ශක්‌තිමත් කරනවා කියලා.

ඒ වගේම ඉන් කියවෙන්නේ නෑ මේ රටේ දෙමළ ජනතාවගේ අයිතීන් ලබා නොදෙනවා කියලා. දැනටමත් ජනාධිපතිතුමන් ඇතුළු රජය යුද සමයේ ආරක්‍ෂක අංශ භාරයේ තිබුණු ඉඩම් භාර දෙන්න කටයුතු ආරම්භ කරලයි තියෙන්නේ. යුද හමුදා කඳවුරු මේ ප්‍රදේශවල තිබීම දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාශ කිරීමක්‌ කියලා හිතන්න බැහැ. රටේ ආරක්‍ෂාව සඳහා ඇති කර ගන්නා ලද කඳවුරු අයින් කරන්නත් බැහැ. ඒ නිසා ජාතික ආරක්‍ෂාවට අවශ්‍ය සියලුම කඳවුරු පවත්වාගෙන යා යුතුයි. ඒ වගේම ඒ කඳවුරුවල සිටින ත්‍රිවිධ හමුදාවන්ගේ වගකීම තමයි සියලු ජනතාවගේ අයිතීන් රැකගැනීමේ බළකායක්‌ වශයෙන් කටයුතු කිරීම” යනුවෙන් ආණ්‌ඩුකාරවරයා මෙහිදී පැවසීය.

RSL

Related Posts