ගංවතුර හා හදිසි ආපදා තත්ත්වයන් හේතුවෙන් බිඳ වැටුණු වෙළෙඳ ව්‍යාපාර හා ව්‍යවසායන් යළිත් ශක්තිමත්ව නඟාසිටුවීමට අතදීමේ වැඩසටහන් සඳහා රජය රුපියල් කෝටි 200ක මූලික මුදල් වෙන්කිරීමක් සිදුකොට තිබේ.
මුදල් අමාත්‍යාංශයේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මඟපෙන්වීම් මත ක්‍රියාත්මක “සෞභාග්‍ය” හා “ස්වශක්ති” විශේෂ පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම දෙක මේ මුදල් යොදා ක්‍රියාවට නංවන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
මෙම සහනාධාර ලබාදීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 27දා පැවැති සාකච්ඡාවක දී තීරණය වූ බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් මහතා පැවැසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ආපදා තත්වය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (29) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින්.
අයහපත් කාලගුණයෙන් විපතට පත් පාසල් දරුවන් සඳහා අමතර නිල ඇඳුම් කට්ටල තුනක්, පෙළ පොත්, අභ්‍යාස පොත්, සපත්තු කූට්ටම් ලබා දීමට පියවර ගන්නා බවත් ජාතික පාසල් දරුවන්ගේ පමණක් අවශ්‍යතා සඳහා අවශ්‍ය සනීපාරක්ෂක උපකරණ, බෙහෙත් හේත්, පොත් පත් ආදිය එකතු කරන මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා බවත් මුදල් ආධාර එකතු නොකරන බවද ඇමැතිවරයා කීය. පස්දුන්රට සහ රුවන්පුර විද්‍යාපීඨ දෙක ආහාර ලබාදීම සඳහා කෑම්බීම පිසිමින් අවතැන්වු ප්‍රදේශවලට ලබාදීමට කටයුතු කරන බව ද කීය. දිවයිනේ පාසල් 10163 තුළ ඇති ආපදාවන්ට ලක්විය හැකි පැරණි ගොඩනැගිලි පිළිබඳ තමා වාර්තාවක් කැදවා ඇති බවත් ඒවා වෙනුවට නව ගොඩනැගිලි ඉදිකිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අදහස් කරන බව ද කීවේය.
අරලියගහ මැදුරේ පැවතී සාකච්ඡාවකදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ උපදෙස් පරිදි ආපදාවන්ට පත්වුවන් ලබා ගත් වානිජ සහ පෞද්ගලික ණය සඳහා සහන ලබාදීමට සාකච්ඡා වූ බවත් ආපදාවන්ට පත්වූවන් නඟා සිටුවීම සඳහා සෞභාග්‍යා සහ ස්වශක්ති නමින් සහන ණය ක්‍රම දෙකක් සඳහා රුපියල් බිලියන දෙකක් මූලික වශයෙන් වෙන් කළ බව ද කියා සිටියේය. බුලත්සිංහල සහ කලවාන වැනි ප්‍රදේශවලට ලගා වීමට අපහසු නිසා ඉන්ධන ලබාදීමේ අපහසුතා ඇතිවී ඇති බවත් විදුලිය විසන්ධි වී ඇති පළාත්වලට පිටපළාත්වල විදුලි සේවකයන් ද යොදාගෙන විදුලිය ලබාදීම ආරම්භ කර ඇති බවත් ලගාවිය හැකි සෑම ස්ථානයකටම විදුලිය ලබාදීම ආරම්භ කර ඇති බව ද කීය. චක්‍රලේඛ ගැන නොසිතා අයහපත් කාලගුණයෙන් පීඩාවන්ට පත්වුවන්ට සහන සලසන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා උපදෙස් ලබා දී ඇති බව ද ඇමැතිවරයා කීය.