ප්‍රවේශමෙන්! ෆේස්බුක් හරහා නයිජීරියානුවෝ ලාංකිකයින්ගේ සල්ලිවලට විදින ක්‍රමයක්

Spread the love

ෆේස්‌බුක්‌ මගින් ව්‍යාපාරිකයන් හඳුනාගෙන ඔවුන් රවටා බැංකු ගිණුම් වලින් රුපියල් කෝටි 02 කට අධික මුදල් වංචා කළ නයිජීරියානු ජාතිකයින් 10 දෙනකු අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (18දා) අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ව්‍යාපාරිකයින් හඳුනා ගනිමින් ඔවුන්ගේ බැංකු ගිණුම් වංචනික ලෙස භාවිත කර ඇතැයි හෙළි වූ බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්‌ පැවැසීය.

මොවුන් සංචාරක වීසා මත ඉගෙනීමට හා ව්‍යාපාර සඳහා මෙරටට පැමිණ ඇතැයි හෙළි වී තිබේ.

දෙහිවල, ගල්කිස්‌ස, මාලබේ ප්‍රදේශවල නවාතැන්ගෙන ඇති මොවුන් විවිධ ව්‍යාපාර සිදුකරන බවට අඟවා ව්‍යාපාරිකයින්ගෙන් රුපියල් කෝටි 02 කට අධික මුදලක්‌ ලබාගෙන ඇත.

අත්අඩංගුවට පත් නයිජීරියානු ජාතිකයින් 10 දෙනා කඩුවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 02 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

-දිවයින-

Loading...

RSL

Related Posts