සයිටම් උපාධි කඩයට හැදු නෙවිල්ගේ රෝහලේ කෝටි ගාණක බරපැන ජනතාවගේ බදු බර පිටට පටවන්න සැරසෙයි!

Spread the love

දැනට බංකොලාත් තත්වයේ ඇති මාළඹේ නෙවිල් ප‍්‍රනාන්දු පුද්ගලික රෝහල බිලියන 380ක මුදලක් ගෙවා රජයට පවරා ගැනීමට සූදානමක් ඇති බව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික සංසදයේ සභාපති සංජය පෙරේරා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ සදහන් කලේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික සංසදයේ සභාපති සංජය පෙරේරා මෙසේද පැවසීය.

නෙවිල් ප්‍රනාන්දු රෝහල සයිටම් ශිෂ්‍යයන්ට පුහුණුව ලබාදීමේ අරමුණින් තමයි පටන් ගත්තේ. නමුත් සයිටම් එකේ අර්බුදයත් සමගම රාජිත සේනාරත්න අමාත්‍යවරයා ගත් තීරණයක් අනුව 2017 අගෝස්තු මාසයේ සිට එය රජයට පවරා ගැනීමක් සිද්ධ වුණා. මෙය රජයට පවරා ගනිද්දී නෙවිල් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටියේ එය රජයට ලබා දුන් පරිත්‍යාගයක් ලෙසටයි . නමුත් මසකට මිලියන 300 මෙහි නඩත්තුව සඳහා රජයට වියදම් වෙනවා. අපේ රටට අයත් වස්තුවක් වන හම්බන්තොට වරාය බදු දීල ඒ කොන්ත්‍රාත්තුවෙන් අපට මසකට ලැබෙන්නේ මිලියන 250 යි.

මේ වන විට අපට තොරතුරු වාර්තා වෙනවා බිලියන 3.8 ක මුදලක් ගෙවා මේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්න හදන බවට. ශික්ෂණ රෝහලක පැවතිය යුතු අංගයන්ගෙන් සමන්විත නොවන රෝහලක් තමයි මේ නෙවිල් ප්‍රනාන්දු රෝහල. මෙවැනි තත්වයක් තුලදී මෙපමණ මුදලක් වියදම් කර සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා රජය මෙය පවරා ගන්නේ කොහොමද?

නෙවිල් ප්‍රනාන්දු රෝහල පටන්ගන්නෙත් ව්‍යාපාරයක් විදිහටයි. ලංකාවේ ව්‍යාපාර බංකොලොත් වන විට රජය මෙලෙස මැදිහත්වී එය පවරාගන්නා ප්‍රතිපත්තියක් තියෙනවද ? එහෙම නම් EAP (ඊ ඒ පී ) ව්‍යාපාර ජාලයත් මෙලෙස පවරා ගන්න කටයුතු කරන්න තිබුණා නේද? අපේ ව්‍යාපාරයක් බංකොළොත් වී ගෙන එද්දී සාමාන්‍යයෙන් බැංකු කරන්නේ අපේ වත්කම් රඳවා ගැනීමයි. නමුත් මෙහිදී සිදුවන්නේ ඊට පරස්පර තත්ත්වයක් රජය මැදිහත් වී නෙවිල් ප්‍රනාන්දු බේරා ගැනීමට උත්සාහ දරනවා .

මේ නිසා පොඩ්ඩක් හොයල බලන්න රාජිත සේනාරත්න මන්ත්‍රීතුමාගේ සහ ඔහු අවට සිටින පුද්ගලයන්ගේ මැතිවරණ ව්‍යාපාර සඳහා මුදල් වියදම් කළේ කවුරුන්දැයි කියලා.

RSL

Related Posts