බන්දුලගේ රෙදි අපුල්ලන්න ගිය නාමල් රෙදි ගලවා ගනී

Spread the love

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමට වාර්තාවක් යැවු බව මාධ්‍ය හමුවේදී තමා පැවසු කරුණු අසත්‍ය බව කු.පා.ම.මහින්දගේ අනුගාමිකයෙකු වන කො.පා.ම. බන්ධුල ගුණවර්ධනගෙන් බැඳුම්කර කොමිසම සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇති අතර තමන් මාධ්‍ය හමුවේ අසත්‍ය කරුණු පැවසූ බව පසුව බන්දුල ගුණවර්ධන අද (09) එම කොමිසම හමුවේ පිළි ගෙන තිබේ.

එසේ තමා ප්‍රසිද්ධියේ කීවේ බොරු කියා පිළිගත් බන්දුල ගුණවර්ධනගේ නීතීඥවරයා ලෙස පෙනී සිටියේ නිතීඥ විභාගය හොර පාරින් විභාග සමත් වූ බවට චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වීම ඓතිහාසික සිදුවීමකි.

මාධ්‍ය හමුවේ අසත්‍ය කරුණු පැවසීම ගැන පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්ධුල ගුණවර්ධනගේ ක‍්‍රියාකලාපය දෝෂ දර්ශණයට ලක් කරමින් මාධ්‍ය හමුවේ අසත්‍ය කරුණු නොපැවසීමට සැළකිලිමත් වන ලෙස ජනාධිපති කොමිසමේ කොමසාරිස්වරුන් බන්ධුල ගුණවර්ධනට දැඩි ලෙස අවවාද කර තිබේ.

[youtube FjmpJB_FgR4]

RSL

Related Posts