ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඇමරිකාවට විකුණයි

Spread the love

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඇමෙරිකාවේ ටී. පී. ජී. ගුවන් සමාගමට විකිණීමට රජය තීරණය කළ බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

එම සමාගම 1992 වසරේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කරන අවස්‌ථාවේදී ද ඉල්ලුම් කර තිබූ බව පැවසූ නියෝජ්‍ය ඇමැතිවරයා ඒ මොහොතේ එවකට පැවැති රජය එමිරේට්‌ස්‌ ගුවන් සමාගමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පැවරූ බව කීවේය.

ටී. පී. ජී. ගුවන් සමාගම පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම හා කිසිදු සම්බන්ධතාවක්‌ නැති අතර ඔවුන් පිළිගත් ගුවන් සමාගමක්‌ බවත් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

ඒ අනුව අදාළ විකිණීම සම්බන්ධව රජය විසින් පත් කළ කමිටුවක්‌ මගින් ටී. පී. ජී. සමාගම සමඟ සාකච්ඡා පවත්වා ඉදිරි මාස හය ඇතුළත ශ්‍රී ලන්කන් ගුවන් සමාගම එම සමාගමට විකිණීමට පියවර ගන්නා බවත් එරාන් වික්‍රමරත්න නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

මීට පෙර අතිවිශාල පාඩු ලැබූ මිහින් ලංකා ගුවන් සේවයද වත්මන් පාලනය යටතේ වසා දමනු ලැබිණ.

RSL

Related Posts