රජයේ රෝහල්වල චැනලින් සේවා ඇරඹෙයි!

Spread the love

රජයේ රෝහල්වල උපකරණ සවස්‌ කාලයෙන් පසු භාවිතා කිරීමේ සැලසුමක්‌ වශයෙන් සවස 4 න් පසු ශල්‍යාගාර පහසුකම් සහිත රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍ය සේවාවන් අඩු මුදලක්‌ අය කරමින් රෝගීන් වෙත ලබා දීමේ ක්‍රමයක්‌ අරඹන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය කටයුතු ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

කොළඹ ජාතික රෝහලේදී පෙරේදා (7 දා) පැවැති විශේෂ උත්සවයකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

රජයේ වෛද්‍යවරු පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙනුයේද සවස 4 න් පසු වීම නිසා මෙසේ අඩු මුදලට රජයේ රෝහල්වලින් විශේෂඥ වෛද්‍ය සේවා සැපයීම මඟින් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට ආදායමක්‌ උපයා ගත හැකි බව ඇමැතිවරයා කීවේය. ඒ හරහා සෞඛ්‍ය වැය ශිර්ෂයද අවම කර ගත හැකි බව ඔහු සඳහන් කරයි.

මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන විට සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කරන බවට වෘත්තීය සමිතිවලින් චෝදනා එල්ල විය හැකි බව පවසන ඇමැතිවරයා වාත්තීය සමිති දුපත් මානසිකත්වයෙන් මිදී අනාගතය දෙස බලා වාත්තීය සමිති සටන් මෙහෙය විය යුතු බව අවධාරණය කර සිටී.

RSL

Related Posts