ජංගම දුරකතන විනාශ කරන කප්පම් වෛරසයක් සීඝ්‍රයෙන් පැතිරෙයි!

Spread the love

පසුගිය දිනවල පරිගණක වල පැතිරී ගිය දත්ත භාවිතයට ගත නොහැකි ලෙස වෙනස් කරන වෛරසය වෙනත් මුහුණුවරකින් මේ දිනවල ඇන්රොයිඩ් ජංගම දුරකතවනවල ශීග්‍රයන් පැතිර යන බව වාර්තා වේ.

පරිගණක වෛරස පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂකයින් පෙන්වා දෙන්නේ‍ මෙසේ වෙනස් කළ දත්ත යළි භාවිතයට ගැනීමට නම් කප්පම් මුදලක් ලබ දෙන ලෙස මෙම වෛරසය නිපද වූවන් සඳහන් කරන බවයි.

ඩබල් ලොකර් නම් මේ වෛරසය පරිගණක මෙහෙයුම් පද්දති සහිත ජංගම දුරකතනවල ස්ථාපිත වන්න් අන්තර්ජලය භාවිත කරන අතර තුරදීය.

කිසියම් වෙබ් අඩවියක් නැරබීමට උත්සහා කිරීමේදී එය කිරීමට නොහැකි බව සඳහාන් කරමින් ඇඩෝබි ෆැලෑෂ් පේලේයර් නම් යෙදුමේ ව්‍යාජ සංස්කරණයක් ජංගම දුරකතනයට ස්ථාපිත කරන ලෙසට එහිදී උපදෙස් දෙනු ලැබේ.

එය බා ගත කර ගැනීමෙන් පසු ගූගල් සමාගමේ සේවා ලබා ගැනිමට අවසර දෙන මෙන් පණිවිඩයක් ද ලැබේ. ඊට ද අවසරය හිමි වන්නේ නම් ඩබල් ලොකර් නම් වෛරසය ජංගම දුරකථනයේ ස්තාපිත වේ.

එම වෛරසයෙන් ජංගම දුරකතනයේ සියලුම දත්ත පරිහරනය කළ නොහැකි තත්ත්වයට පත් කරනු ලබන අතර
ජංගම දුරකථනයේ මුරපදයද වෙනස් කරයි.

ඉන් අනතුරුව ජංගම දුරකතනයේ දත්ත යළි ලබා ගැනීමට නම් පැය 24ක් ඇතුළත කප්පම් මුදලක් ගෙවන ලෙස වෛරසය පවසයි.

අදාල මුදල බිට්කොයින් නැමැති අන්තර්ජාල ගෙවීම් ක්‍රමය ඔස්සේ සිදු කරන බැවින් කප්පම් මුදල ලබා ගන්නේ කවුදැයි යන්න දැන ගැනීමට මෙහිදී හැකියාවක් නොලැබේ.

එහෙයින් මෙම කප්පම් මුදල ගෙවා දැමීම හෝ ජංගම දුරකතනයේ දත්ත මකා දැමීම හැර වෙනත් විකල්පයක් මෙම වෛරසය ට ලක්වන පුද්ගලයින්ට නැත.

වෙබ් අඩවි වල සැරිසැරීමේ දී යාවත් කාලීන කිරීමට උපදෙස් ලැබුණහොත් ඒ ගැන සැලකිලිමත් වී එවන් දේවල් නොකර සිටීමෙන් මෙම වෛරසයේ ප්‍රහාරයෙන් බේරී සිටීමට හැකි බව පරිගණක වෛරස පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂකයින් පෙන්වා දෙයි.

ඊට අමතරව යම් මෘදුකාංගයක් යාවත්කාල කර ගැනීමට අවශ්‍ය නම් ජංගම දුරකතනය සැකසුම් හරහා පමණක් ගොස් ඒවා යාවත්කාලීන කිරීම ද මෙයින් ගැලවිය හැකි විකල්ප ක්‍රමයක් ලෙස ඔවුන් පෙන්වා දෙයි.

-අද දෙරණ-

RSL

Related Posts