අයාලේ යන ගොන්නු දෙස ඇමති චම්පිකගේ විශේෂ අවධානය

Spread the love

බස්නාහිර පළාතේ මහනගර ප්‍රදේශයන්හි අයාලේ යන ගවයින් දෙසැම්බර් 15 ට පෙර ඉවත් කර නොගත හොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අද (01) දින සිය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

නගර විධිමත් කරණය යටතේ අයාලේ යන ගවයින් අල්ලා ඇඹිලිපිටිය ගව අනාතාගාරයකට පිටත් කර හරින බවත් මහනගර අඥා පණතට අනුව ගවයින් නිසි පරිදි ගාල්කර බලපත‍්‍රයක් ලබාගත යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ගව හිමියන්ට තම ගවයින් පාලනය කළ නොහැකි නම් තම අමාත්‍යාංශය වෙත ලබා දෙන ලෙසත් අයිතිකරුවන් හිතාමතා සුසාන භූමි උද්‍යානවලට ගවයින් ඇතුල් කිරීමට පුරුදු වී සිටීම හේතුවෙන් ජනතාව අපහසුතාවයන්ට පත් වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

RSL

Related Posts