ඇමති සජිත්ගේ බලයෙන්, සහචරයින් ආරණ්‍ය සේනාසනයක් වනසති! (Video)

Spread the love

අවිස්සාවේල්ල ප්‍රදේශයට අයත් හංවැල්ල පතන කන්ද ආරණ්‍ය සේනාසනයක් අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ සහචරයකු විසින් විනාශ කරමින් සිටින බවට එම ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කරන ස්වාමීන්වහන්සේලා පවසති. අක්කර 14ක් පුරා පැතිරුණු භාවනා කුටිවලින් සමන්විත මෙම ආරණ්‍ය සේනාසන භූමිය වරක් සජිත් ප්‍රේමදාසගේ දේශපාලන බලයට මුවා වූණු සහචරයින් විසින් ව්‍යාජ ඔප්පු යොදාගනිමින් කොල්ල කෑමටද මීට පෙර උත්සාහ දරා ඇත. එහෙත් අධිකරණ ක්‍රියාමාර්ගයන් හරහා යළිත් එම ආරණ්‍යය ආරක්ෂා කර ගැනීමට ස්වාමීන්වහන්සේලා සමත්ව ඇත.

නමුත් එයින්ද නොනැවතුණු මෙම පාපතරයින් එම ආරණ්‍යය භුමියට අයත් මායිම්වල ඇති ගල්කඳු කඩා දමමින්, ආරණ්‍යවාසී ස්වාමීන්වහන්සේලාට තර්ජනය කරමින් එම විහාර භූමියෙන් උන්වහන්සේලා නෙරපා දැමීමට දැඩි උත්සහයක් ගනිමින් සිටී.

ඒ පිළිබදව කොලොන්නාව ආසනයේ ශ්‍රීලනිප සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි මහතාව දැනුවත් කිරිම සදහා සංඝයා වහන්සේ ප්‍රමුඛ ගම්වැසියන් අද දින සාකච්ඡාවකට එක්වූහ.

තම ප්‍රදේශයේ අනවසර කලුගල් කැඩීමේ ස්ථාන රාශියක් ඇති බවත් වගකිවයුතු අංශ කොතෙක් දැනුවත් කලද කිසිවෙක් ක්‍රියාත්මක නොවු බවද සදහන් කල ඔවුන් තමන් මුහුණපා සිටින මෙම මහා පරිසර ගැටලුවට විසදුම් ලබාදෙන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරමින් ප්‍රසන්න සෝලංගආරච්චි වෙත ලිපියක්ද භාර දී ඇත.

RSL

Related Posts