SAITM පිළිගන්න බැහැ – වෛද්‍ය පීඨාධිපතිවරුන්ගෙන් නිවේදනයක්

Spread the love

පසුගිය 13වනදා පස්වරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාළඹේ සයිටම් පෞද්ගලික ආයතනය නීති ගත කිරීම සඳහා හැකිවන ආකාරයේ එකඟතා කිහිපයකට උසස් අධ්‍යාපන බලධාරීන් සහ වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන් එකඟ වී ඇති බවට පසුගිය දිනවල ප්‍රවෘත්ති පළ වූ අතර එයට ප්‍රතිචාර දක්වමින් වෛද්‍ය පීඨ 08හිම පීඨාධිපතිවරු විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.

පුළුල්ව කරුණු පැහැදිලි කරමින් නිකුත් කර ඇති එම නිවේදනයටද වෛද්‍ය පීඨ අටෙහිම පීඨාධිපතිවරු අත්සන් තබා ඇත.

සයිටම් ආයතයේ සිසුන්ට තාවකාලිකව ලියාපදිංචිය ලබාදෙන ලෙස නියෝග කරමින් අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට තමන් එකඟ නොවන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් එම තීන්දුව අභියෝගයට ලක් කිරීමට ගන්නා ලද තීරණයට තමන්ගේ පූර්ණ සහයෝගය පල කරන බවත් එහි සඳහන් කර තිබේ.

එමෙන්ම මෙම ගැටළුව සම්බන්ධයෙන් සියලුම පාර්ශවවලට එකඟ විය හැකි ප්‍රායෝගික විසඳුමක් ලබාදීමට පවතින සහ පැවති රජයන් විසින් දැක්වූයේ ඇල්මැරුණු ප්‍රවේශයක් බවද ඔවූහු අවධාරණය කර සිටිති.

වෛද්‍ය අධ්‍යාපනය, සායනික පුහුණුව හා වෛද්‍ය වෘත්තිය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති ඇතැම් පාර්ලිමේන්තු සභිකයන් විසින් සයිටම් ආයතනයට පක්ෂපාතිව කරනු ලබන මුග්ධ ප්‍රකාශ තරයේ හෙලා දකින බවද ඔවුන් සඳහන් කර තිබේ.

සයිටම් ආයතනය සිසුන් බඳවාගන්නා ක්‍රමය, එය නිසි කාර්යමණ්ඩලයක් නොමැතිව පවත්වාගෙන යන ක්‍රමය සහ හුදු මූල්‍යමය වාසි අපේක්ෂාවෙන් ලාභ ලැබීම පමණක් අරමුණු කර ප්‍රමිතිය ගැන නොසළකා කටයුතු කරන බවට සාක්ෂි සහිතව සනාථ වී තිබියදී එයට වෛද්‍ය උපාධිය පිරිනැමීමේ කිසිඳු බලයක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නොමැති බවත් එම පීඨාධිපතිවරු අවධාරණය කරති.

Joint FMTA statemt sinhala

RSL

Related Posts