මිලියන 600ක සිල්රෙදි වංචාව මහින්දගේ නියෝග මත සිදු වූ බවට අධිකරණයට සාක්ෂි!

Spread the love

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා 2014 වසරේ ඔක්තෝම්බර් මස ලිඛිතව කළ ඉල්ලීමට අනූව සිල් රෙදි බෙදාදීමට රුපියල් මිලියන 600ක් ලබා දුන් බව විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා සාක්ෂි ලබා දෙමින් ඊයේ(15) කියා සිටියා.

ඒ පසුගිය ජනාධිපතිවරණය සමයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මුදල් රුපියල් මිලියන 600ක් යොදවා මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් සිල් රෙදි බෙදාදීමේ නඩුවේ සාක්ෂි විමසීම ඊයේ මහාධිකරණයේ දී සිදු කෙරුණා.

අනූෂ පැල්පිට මහතා විත්ති කූඩුවේ සිට සාක්ෂි දෙමින් තවදුරටත් කියා සිටියේ මේ සඳහා විදුලි සංදේශ නියාමන කොමිසමේ සියලු සාමාජිකයන්ගේ ඒකමතික අනුමැතිය ලැබුන බව ද ඔහු කියා සිටියා.

ඒ අනූව, කටයුතු කළා මිසක් තමන් කිසිදු වරදක් සිදුකර නොමැති බව ද ඔහු වැඩිදුරටත් සාක්ෂි දෙමින් පෙන්වා දුන්නා. හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ද අද සාක්ෂි ලබා දීම සිදුකළා.

ඔහු කියා සිටියේ ජනාධිපති විශේෂ සංවර්ධන වැය මූල්‍ය ශීර්ෂය යටතේ 2014 වසර සඳහා අය වැයෙන් රුපියල් මිලියන දහසක මුදලක් වෙන්කර තිබූ බවයි.

2014 වසරේ මාර්තු මස 20වැනි දා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ජාවකදී හිටපු ජනාධිපතිවරයා එම මුදල්යොදවා සිල් රෙදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපති ලේකම් ලෙස තමන් ජනාධිපතිවරයාගේ උපදෙස් පිළිපදින්නට බැදී සිටින බව ද ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කළා . සාක්ෂි විමසීම මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ සිදු කෙරුණා. නඩුව අද දිනට කල් තැබුණා.

RSL

Related Posts