වසර අටකට අධික කාලයක් රණවිරුවන් රවටමින් විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම.මහින්ද රාජපක්ෂ විසින් සිදුකරන ලද කල්මැරීමේ කටයුත්තක් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉටුකොට ඇත. ඒ අනුව වසර 10කට අඩු සේවා කාලයක් හිමි ත්‍රිවිධ හමුදා සහ පොලිස් රණවිරුවන් 1379 දෙනෙකුට විශ්‍රාම වැටුප් හිමිකම ලබාදීමට ජනාධිපති ප්‍රමුඛ රජය තීරණය කොට ඇත.
ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ අඛන්ඩ වසර 10 සේවය සපුරා නැති ආබාධිත රණවිරුවන්ට මෙම විශ්‍රාම වැටුප ලබාදීමට ජනාධිපතිවරයාට විශේෂ කැබිනට් පත්‍රිකාවක් පවා ඉදිරිපත් කිරීමට සිදුවූ අතර මෙම වැටුප් ගෙවීම සඳහා රුපියල් මිලියන 218ක මුදලක්ද වෙන් කර තිබේ.
ඒ අනුව හිඟ වැටුපද සමඟ එම පිරිස සිය ප්‍රථම විශ්‍රාම වැටුප ලබාගත් බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
Loading...