2015 වසරේ සිට පාර්ලිමේන්තුවේ සැබෑ විපක්ෂ නායකත්වයේ භූමිකාවට පණ පෙවූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද(18) නිල වශයෙන් විපක්ෂ නායකයා ලෙස පත් කරන බව කථානායක කරූ ජයසූරිය නිවේදනය කර තිබේ.
එමෙන්ම විපක්ෂයේ ප්රධාන සංවිධායක ධූරය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද අමරවීර පත් කරන බවද කථානායකවරයා දැනුම්දුන්නේය.
කෙසේ වෙතත් මෙතෙක් කල් නාමික විපක්ෂයක් ලෙස කටයුතු කළ දෙමළ ජාතික සන්ධානය නිල වශයෙන් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ පාර්ශවකරුවකු ලෙස එක්වීමත් සමඟම එහි නායක ආර්.සම්බන්දන්ගේ විපක්ෂ නායකධුරය අද අහිමි වී ගියේය. එහෙත් දෙමළ ජාතික සන්ධානයේ සිටින එජාපෙයේ බළල් අත බවට සැමට පෙනීයන කුප්රකට මන්ත්රී සුමන්දිරන්, එජාපෙයේ ආණ්ඩුවට කඩේ යන ගමන් විපක්ෂ නායක පුටුවත් යන දෙකම අල්ලා ගැනීමේ නිර්ලැජ්ජිත උත්සහයක නිරත වන බව පෙනේ.
ඒ වෙනුවෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ එම ධුරයට පත්කිරීමට එරෙහිව සුමන්තිරන් ඔහුට වඩාත් හුරුපුරුදු අධිකරණය වෙත ගොස් පිහිට පැතීමේ සැලැස්මක් ක්රියාත්මක බවටද වාර්තාවේ.