අපි එදාට වඩා අද බලවත්

Spread the love

අපි සිටියාට වඩා බලවත් කියා මම පසුගිය සෙනසුරාදා කිව්වා. අපේ කණ්ඩායම 100 දක්වා ඉහළ නැග තිබෙනවා. ආණ්ඩුවේ සහෝදර පක්ෂ අල්ලා ගෙන සිටි විපක්ෂ නායක ධූරය සහ විපක්ෂයේ සංවිධායක ධූරය අපට ලැබෙනවා.

ඒ සියල්ලටම වඩා එදා එජාපය සමග සිටි ජනාධිපතිතුමා දැන් ඉන්නේ අපෙත් එක්කයි කියා අපි කිව්වා. ඊයේ ජනාධිපතිතුමා එජාප නායකයින් ඉදිරියේ තබා ගෙන එජාපය රට විනාශ කරපු හැටි පෙන්වා දුන්නා.

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

නඩු තීන්දු ගැන රට කතා කරන මේ සමයේ ජ්‍යෙෂ්ඨයින් නොසලකා තමන්ට ඕනෑ විනිසුරුවරුන්ට උසස්වීම් ලබා දීලා කොල පාට උසාවියක් හදන්න උත්සාහ කරපු හැටි පෙන්වා දුන්නා.

මේ සියල්ල කිව්වේ දිවුරුම් දෙන්න ආපු අගමැතිට. ඒ කියන්නේ මගුල දවසේම කසාදය අවසන් වුණා වගේ වැඩක්. දත් තිස් දෙක මැද දිව තිබෙන්නා වගේ ඇමති මණ්ඩලය මැද තනිව සිටියත් රට වෙනුවෙන් සටන් කරන බව පළමු දවසේම ජනාධිපතිතුමා රටට ප්‍රදර්ශනය කිරීම පිළිබඳ අපේ ප්‍රණාමය එතුමාට පුද කරනවා.

RSL

Related Posts