ලුම්පන් මහජන නියෝජිතයෝ අත්අඩංගුවට!

Spread the love

PM-Modi-to-Address-Sri-Lankan-Parliament

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයට කලු පැල්ලමක් එක් කරමින් ලේ ගලන තුරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සභාගර්භය තුළ දී ම ගුටි කෑවේ නොබෝ දා ය. මෙයට මූලික වූ පිරිසට එරෙහිව පාර්ලිමේන්තු පරික්ෂණයක් කතානායකවරයා පත් කරන ලද කමිටුවකින් සිදු කරන ලද අතර එයින් ගම්පහ මන්ත්‍රී ප්‍රසන්න රණවීරත්, කලුතර මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුමත් වැරදිකරුවන් වී ඇතැ යි දැනගන්නට ඇත. මේ සිදුවීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත් වාර්තා වෙයි.

ලුම්පන් යන වචනය බොහෝ විට හමුවන්නේ මාක්ස්වාදී දේශපාලන සාහිත්‍යය තුළ ය. එයින් සරල ව අදහස් කෙරන්නේ පාදඩ යන අර්ථය යි. තෙවරප්පෙරුමත්, ප්‍රසන්න රණවීරත් එවැනි භාවිතාවන් ඇත්තන් බව සැකහැර කිව හැකි ය. මේ දෙදෙනාට අමතරව තව බොහෝ දෙනෙක් මේ පිරිස අතර සිටිති. වැඩිපුර මේ පිරිස එක්-රොක් ව සිටින්නේ ඒකාබද්ධ විපක්ෂය නම් කල්ලියේ ය.

1970 දශකයේ අගභාගයෙන් පසු ආර්ථික ක්‍රමය සහ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමෙන් මෙවන් මිනිසුන් පාර්ලිමේන්තුගත වීම ඇරඹිණි. දේශපාලන ක්‍රමයේ පූර්ණ ප්‍රතිසංස්කරණයකින් තොරව මේ පාදඩකම ඉවත් කළ නොහැකි ය.

[youtube 3CJXzrE54qQ]

RSL

Related Posts