යහපාලනය බත්පතට පහර දෙයි!

Spread the love

yimg_RECP0U

15%ක ප්‍රතිශතයකින් වැට් බද්ද වැඩිවීමෙන් භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති අතර මෙය ජනතාවට බරපතල ලෙස බලපාමින් තිබෙන බව වාර්තා වෙයි. ආණ්ඩුව කුමක් කියමින් සිටිය ද බොහෝ භාණ්ඩවල මිල ගණන් ඉහළ ගොස් ඇත. දුරකතන ගාස්තු ද එසේ ම ය.

මේ සියල්ල අතරේ පිසූ ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට ද සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. රුපියල් 10ක පමණ මුදලිකින් ආහාර මිල ඉහළ යන තත්ත්වයක් මතුව ඇතැ යි දැනගන්නට ඇත. මුළු රටෙහි ම ඇති විසිදහසකට ආසන්න ආපනශාලාවන්හි මෙලෙස ආහාරවල මිල ඉහළ දැමෙනු ඇති.

මෙහි බරපතල ම බලපෑම සිදුවනු ඇත්තේ, රැකියාව සඳහාත් අධ්‍යාපනය වෙනුවෙනුත් නාගරික ප්‍රදේශවලට පැමිණ සිටින ජනතාවට ය. දැනටත් කුසෙන් අඩක් පුරවාගෙන ඉතිරිය වතුරෙන් සෑහීමකට පත්වන බොහෝ පිරිසකට මෙහි බලපෑම දැනුණත්, රජයේ සේවකයන්ට 10000කින් වැටුප් වැඩිකර ඒවා වැට් බදු ඉහළ දමා සමහන් කරගන්නා ආර්ථික විශේෂඥයින් ඉන්නා ආණ්ඩුවකට එයින් වරදක් නොවනු ඇති.

RSL

Related Posts