‘අපි විශ්වාසභංගය දිනුවත් දිනුම් පැරදුනත් අපි දිනුම්’ බන්දුලගෙන් දෙබිඩි කතාවක්

Spread the love

‘අගමැතිට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව දිනුවත් අපි දිනුම්, පැරදුනත් අපි දිනුම්’’ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.

‘‘දැනට ඇති ලක්ෂණ අනුව විශ්වාසභංගය අපි දිනනවා. එතැනින් එහා ඇති තත්ත්වය කළමණාකරණය කිරීම බාර රජයටයි. විධායක ජනාධිපති ඉන්නවා නේ. ’’ යැයි ද ගුණවර්ධන මහතා කීය.

‘‘ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදනවා නම් රටට අහිතකර දේ නතර කරනවානම්, හිතකාමී දේ කරනවා නම් තනතුරු භාර නොගත්තත් අපි සහය දෙනවා’’ යැයි ද හෙතෙම සදහන් කළේය.

ගුණවර්ධන මහතා මේ අදහස් පළ කළේ දෙමටගොඩ වජිරාශ‍්‍රමයේ අද(01) පැවැති ඒකාබද්ධ විපකෂයේ මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තවදුරටත් අදහස් දැක්වු මන්ත‍්‍රීවරයා මෙසේ ද කීය.

‘‘මේ වනවිට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ අඩංගු වෙනවා විශ්වාසභංග යෝජනාව. මහ දවල් මහ බැංකු මංකොල්ලය ගැන අගමැති විසින් පාර්ලිමේන්තුව නොමඟ යැවු ජාතික අපරාධය ගැන කියන විශ්වාස භංග යෝජනාව මේ වනවිට න්‍යාය පුස්තකයේ ඇතුළත් වෙනවා. හතර වැනිදා හෘදය සාක්ෂියට එකඟව ජනතාව පැත්තේ හිටගෙන කිසිම මන්ත‍්‍රීකෙනෙකුට බැහැ මෙතනදි විරුද්ධ වෙන්න. රුපියල් බිලියන 2000 ක් වැනි මුදලක් රටට අහිමිකරලා අධික කාලයක් ජනතා පීඩනය වැඩි වෙලා, රැකියා අහිමිවෙලා, රට තුළ අවුල් ජාලයක් ඇති වෙලා. ලකාවේ ඉතිහාසයේ ඇතිවූ විශාලතම මුල්‍ය මංකොල්ලයට එරෙහි සියලූ දෙනා මීට සහය දෙනවා.

ඒකාබද්ධයේ සියලූ මන්ත‍්‍රීවරු මහින්ද රාජපක්ෂ මහතා ද ඇතුළුව, ජනතා විමුක්ති පෙරමුණ, සුසිල් පේ‍්‍රම ජයන්ත ඇතුළු කැබිනට් ඇමතිවරු පිරිසක්, ලක්ෂ්මන් යාපා ඇතූළු කැබිනට් නොවන ඇමතිවරු පිරිසක්, ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරු පිරිසක් මේ වනවිටත් නිල වශයෙන් එකඟ වෙලා තිබෙනවා සහය දෙන්න. එජාපයේ අය ඉතා විශාල වශයෙන් ප‍්‍රසිද්ධියේ ද රහසිගතවද ජනාතාව පැත්තේ සිටගෙන ඉන්නවා. දැනට ඇති ලක්ෂණවල හැටියට හතර වැනිදා රාත‍්‍රියේ අපි ජයගන්නවා.

පුනර්කථනයක් සඳහා කාලය වැඩියි. නමුත් පුරා වසර තුනක් රටේ කරගෙන ගිය ව්‍යාපාර දේශීයත්වය වැනසූ රට අරාජික කළ අනාගතය විනාශ කරන පිරිසට පරාජය උරුම බව සහතිකයි. විශ්වාස භංගයට සහය නොදී තමන්ට පාරෙ බැහැල යන්න බැරිවෙයි කියල මන්ත‍්‍රීවරු කියනවා. දැනට නොකියන අයත් හතරවැනිදාට ඡන්දය දෙද්දි කියාවි. හතර වෙනිදායින් පසු අපි විශ්වාසභංගය දිනුවත් දිනුම් පැරදුනත් දිනුම්.”

RSL

Related Posts