යාපනය සරසවියේ ලොකු ම ප්‍රශ්නය රැවුළ ද?
- RSL
- February 26, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports, Sri Lanka education, Sri Lanka Government
- 0 Comments
යාපනය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය විසින් සිසුන් ව ආචාර ධර්ම පද්ධතියකට යටත් කරන්නට වැඩපිළිවෙලක් සකසා ඇතැයි වාර්තා වෙයි. රැවුළ වැවීම තහනම් කර ඇති අතර සිසුවියන් සිකුරාදා ආනිවාර්යෙන් සාරියෙන් සැරසී ආ යුතු බව ආදී චර්යා ධර්ම ඊට ඇතුළත්ව ඇතැයි සඳහන් වේ.
විශ්වවිද්‍යාලයක මූලික කර්තව්‍යය ශාස්ත්‍රෝද්ග්‍රහණය වන අතර මේවැනි ක්‍රියාමාර්ග සත්‍ය වශයෙන් ම හැඳින්විය හැක්කේ ගොන් පාට් වශයෙනි. මෙවැනි ගොන් පාට් බිහිවන්නේ විශ්වවිද්‍යාල පාලනාධිකාරිවලට වැඩ නැති නිසා මිස අනෙකක් නිසා නොවේ. සිසුන්ට නිදහසේ අධ්‍යාපනය ලැබීමට පහසුකම් සැලසීම විනා මෙවැනි දේවල් කිරීම පසුගාමී බව අමුතුවෙන් කිව යුතු නොවේ.
අාගමක් ඇදහීම හෝ විශ්වාස කිරීම අතිශය පෞද්ගලික කටයුත්තක් වන අතර සිසුන්ට සර්වාගමික වතාවත්වලට සහභාගි වීම අනිවාර්ය කිරීම වැනි ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාමාර්ග ගන්නා මේ පාලනාධිකාරිය ඊයේ පෙරේදා හඳෙන් ගොඩ බසින ලද එකක් විය හැකි බව කිව යුතු ය. රජය ක්‍රමයෙන් පුනරුත්ථාපන කඳවුරු වසා දැමීමට ක්‍රියාමාර්ග ගනිද්දී එවැනි කඳවුරක පාලනාධිකාරියක් යාපන සරසවියේ පාලනය බාරගත්තා ද විය හැකි ය.
