සියල්ලට රහසේ බම්බලපිටියේ නගරය මැද ඉදිවන අතිදැවැන්ත ගොඩනැගිල්ල කුමක්ද ?

Spread the love

Building-Constructionදවසින් දවස ඇසි පිය හෙලන තප්පරයෙන් ඉහල යන ඉඩම් මිලත් සමග කෝටි සිය ගණන් වල ඉඩම් ගනුදෙනු පවා ලංකාවේ ඇතැම් බලවතුන්ට ඉතාම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත .සියල්ලටම රහසින් රුපියල් කෝටි 230ක සුපිරි ඉඩම් ගනුදෙනුවක් පසුගිය දවසක කොළඹදී සිදුවී ඇති බව අප වෙත වාර්තා වේ .

බම්බලපිටිය නගරය මැද ,විශාල ඉඩමක් පසුගියදා රු 2,300,000,000 / කට මිලදී ගත්තේ කව්ද? මෙතරම් රහසිගතව මේ ඉදිවන්නේ කුමක්ද ? .මෙවැනි මහා පරිමාන ගනුදෙනු සිදුවීම සාදාරණදැයි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ සුවිසල් නිවසකදී ,ප්‍රබලයන් පිරිසක් මෑතකදී රහසේ කතාකළ බවද අප වෙත වාර්තා වේ .

බම්බලපිටිය දුම්රියපොළ පාරේ ,යුනිටි ප්ලාසා පිටුපස -මැජෙස්ටික් සිටි ඉදිරිපිට ඇති මේ දැවැන්ත ඉඩම ඇත්තේ පොලිස් ස්ථානයටත් ඉතාම ආසන්නයේය .දිවා රෑ දෙකේම බොහෝ යන්ත්‍රසූත්‍ර හා බරවාහන ක්‍රියාත්මක වෙමින් එහි දැවැන්ත ඉදිකිරීමක් කලත්,මේ කිසිවක් මහජනතාවට දැකගත නොහැකි බවත් වාර්තා වේ .පැය විසි හතර පුරා මෙහි දැඩි රැකවල් යොදා ඇති අතර කිසිම මාධ්‍ය ආයතනයකට හෝ පුද්ගලයෙකුට ඇතුල් වීමට කිසිදු ඉඩක් සලසා නැත .එහි ආරක්ෂාව ඉතා විධිමත්ව හා සැලසුම් සහගතව සිදු කොට ඇත.

මේ අබිරහස් ඉදිකිරීම ගැන වැඩිදුර තොරතුරු අනාවරණය කරගැනීමට අපේ වාර්තාකරුවන් පසුගිය දින කිහිපය මුළුල්ලේම රහසිගතව සැරි සැරුවේය .මුල සිටම මේ ගැන විමසිල්ලෙන් සිටි ත්‍රීරෝද රථ රියදුරෙකු කියා සිටියේ ,කළු පැහැති වීදුරු සහිත අති නවීන පන්නයේ වාහනයකින් විදේශිකයෙකු යැයි සැක කල හැකි පුද්ගලයෙකු නිතර නිතර මෙම ස්ථානයට ඇවිත් යන එන බවයි .ඔහු එන හැම අවස්ථාවකම එකම වර්ගයේ කළු පැහැති කන්නාඩි පැළද සිටින බවත් රියදුරා වැඩි දුරටත් පවසා ඇත .මෙම ඉදිකිරීම් භූමියේ ජපන් පෙනුම ඇති පුද්ගලයන්ද ගැවසෙන බවට තහවුරු වී තිබේ .( ඔවුන් චීන ජාතිකයන් නොවන බවට අප වාර්තාකරුවන් කරුණු කාරණා හෙළිදරව් කරගෙන තිබේ)

“තරු හතේ “පැලැන්තියේ සුඛෝපභෝගී පහසුකම් සහිතව ලෝකයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහලම තාක්ෂනය උපයෝගී කරගනිමින් ඉදිවන මෙම ඉදිකිරීම ලංකාවේ උසම ඉදිකිරීම බව ,නම සඳහන් කිරීමට අකමැති වූ ශ්‍රී ලාංකික බර යන්ත්‍ර ක්‍රියාකරවන්නෙකු අපේ වාර්තාකරුවන් සමග හෙළිකර තිබේ .ඒ බව තහවුරු කරන තවත් බොහෝ කරුණු අප විසින් මේ වන විටත් හෙලිකරගනිමින් සිටී .නිවැරදි සාක්ෂි සමග ඒවා තවත් නොබෝ දිනකින් හෙළිකිරීමට අපි සුදානමෙන් සිටින්නෙමු .

Building-Construction

RSL

Related Posts