එදා මුසාවෙන් රටම රැවටූ මුසම්මිල් මෙදා අත්අඩංගුවට පත් වූයේ ඇයි?

Spread the love

mohomada-musamil2010 ජනාධිපතිවරයේදී පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකාගේ පාර්ශවයෙන් අල්ලස් ලබා දී තමාව එම පොදු අපේක්ෂකයාගේ පාර්ශවයට සම්බන්ධ කරගැනීමට සැලැසුම් කළායැ’යි පවසමින් ජවනිකාවක් රඟ දැක් වූ විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් අද (20) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහුව ලබන මස 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කොට ඇත.

මොහොමඩ් මුසම්මිල්ව මෙලෙස අද (20) අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරන ලද්දේ 2010 දී සිදුකළ මුසාවාදී රංගනයට නොවේ.

මොහු අද අත්අඩංගුවට පත් වූයේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන කුලියට ලබාදීමේදී සිදු කළ වංචාවන් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීමට ඔහු අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා තිබූ අතර ප්‍රකාශය ලබා ගැනීමෙන් පසු රුපියල් හැටදෙලක්ෂ දාහත්දහස් හත්සිය දොලහක් (රු. 6,217,712.00) රාජ්‍ය මුදල් අවභාවිතාව සම්බන්ධයෙනි.

RSL

Related Posts